සිංහල - II

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

ඉතා වැදගත් ප්‍රකාශය - Very Important Post.


දින පනහෙන් “ඉංග්‍රීසි ගොඩදාගන්න”


පොරොන්දුව: පළමු පාඩමේ සිට පන්සිය වෙනි පාඩම (අංක 01 සිට 500) දක්වා දිනකට පාඩම් 10 බැඟින් (පාඩම් 10 × දින 50 = පාඩම් 500) මැනවින් අධ්‍යයනය කිරීමෙන්, දවස් 50ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ, ඉංග්‍රීසි කථනය හා ව්‍යාකරණ (Spoken English & English Grammar) කෙළපැමිණෙන්න ඔබටත් පුළුවන්.

සුබ පැතුම්!

හැඳින්වීම: සිංහල පාඩම් පන්සියයකින් පරිපූර්ණ වීමට යන මෙම වෙබ් අඩවිය මඟින්, ඉංග්‍රීසි භාෂාවෙහි සෑම කොටසක් ම ආවරණය වන පරිදි ඉතා සරලව ම, ගැඹුරින් හා සිංහල ව්‍යාකරණයන්ට සමගාමීව පාඩම් ඉදිරිපත් කරනු ඇත. එම සෑම පාඩමක් ම කලින් කලට වඩ වඩාත් විස්තරාත්මකව හා සරලව සිංහලට පරිවර්තනය කොට පළකරනු ඇත. මොළය හා මනස වෙහෙසා කරනු ලබන, තැන්පත් ස්‌වයං අධ්‍යයනයකින්, ඔබට ඉංග්‍රීසි භාෂාවෙහි පාරප්‍රාප්තියට පැමිණීමට මෙම වෙබ් අඩවිය මහෝපකාරී වනවා නො අනුමානය.

සැලකිය යුතුයි: මුල් ම පාඩමේ සිට අවසන් පාඩම දක්වා ම, සෑම පාඩමක් ම දැනුම අතින් එකිනෙක හා සම්බන්ධ විය හැකි බැවින්, එක පාඩමක් හොඳින් අධ්‍යයනය කොට මතක තබා ගනිමින් මිස, ඉදිරියට යාමට ඉක්මන් නොවන්න; නැතහොත් ඉගෙනීම දුෂ්කර හා නීරස විය හැකි ය. සෑම පාඩමක් ම නැවත නැවත හා කලින් කලට අධ්‍යයනය කරන්න.

අපැහැදිළි / දුෂ්කර / ගැඹුරු සිංහල / ඉංග්‍රීසි වචන / ව්‍යාකරණ සරලව, පැහැදිළිව / උදාහරණ සහිතව දැන ගැනීමට හෝ මෙම වෙබ් අඩවියෙහි ඇති ඕනෑම පාඩමක් සම්පූර්ණයෙන් ම නොමිලේ ඉගෙන ගැනීමට, දුරකථන මාර්ග හෝ ඔබට පහසු අන්තර්ජාල සන්නිවේදන මාධ්‍යයක් භාවිතා කළ හැක.

ඕනෑම පාඩමක් ඕනෑම විටෙක යාවත්කාලීන විය හැක. මෙහි ප්‍රමාණයෙන් කෙටි, මධ්‍යම හා දීර්ඝ වූ ද සරල හා සංකීර්ණ පාඩම් ද අන්තර්ගතය. සාමාන්‍ය දැනුමක් සඳහා සරල, කෙටි, මධ්‍යම පාඩම් හෝ එකී කොටස් පමණක් ද, පරිපූර්ණ දැනුමක් සඳහා සෑම පාඩමක් / කොටසක් ම ද ඉගෙනගන්න. වඩා වැඩි පැහැදිළි දැනුමක් සඳහා නිතර නිතර ශබ්දකෝෂ භාවිතා කරන්න; නිතර ගවේෂණශීලී වෙන්න; ඔබේ වාග්කෝෂය පුළුල් කරගන්න. දිගින් දිගටම ස්‌වයං අධ්‍යයනයේ යෙදෙන්න.

ඉතා ම වැදගත්: පාඩම් / උදාහරණ පැහැදිළි කිරීමට යොදා ඇති, ක්‍රමවේද භාවිතය ආදිය ගැන ද ඉතා සූක්ෂමව අවධානය යොමු කරන්න.

මෙහි ඇති පාඩම් සිංහල ව්‍යාකරණයන්ට හා සිංහල භාෂාවට සමගාමීව ඉදිරිපත් කර ඇති බැවින්, සිංහල ව්‍යාකරණයන් හා සිංහල භාෂාව පිළිබදව ඔබේ ඇති දැනුම, මෙහි ඇති පාඩම් සරලව ද මැනවින් හා ගැඹුරින් තේරුම් ගැනීමට ද මහෝපකාරී වනු නිසැකය.

සිංහල පරිවර්තන, ලිඛිත බසින් (ලියන භාෂාවෙන්) මෙන්ම, තේරුම් ගැනීමේ පහසුව උදෙසා, කථන බසින් (කතාකරන භාෂාවෙන්) ද යොදා ඇති බව සලකන්න.

ඕනෑම පාඩමක ඇති ගැටළු ආදිය හෝ ගෙදරවැඩ (Homework) නිමවා අප වෙත (විද්‍යුත් තැපෑලෙන් - ingreesi.lk@gmail.com) තැපැල් කිරීමෙන් ඔබගේ දැනුම මැනගත හැක.
(අදාළ පාඩමේ අංකය හා ප්‍රශ්න අංක පැහැදිළිව සටහන් කරන්න.)

නිර්දේශය: පළමුව, (ඉංග්‍රීසි මිශ්‍රිත) සිංහල පාඩම තැන්පත්ව හා සංයමයෙන් අධ්‍යයනය කරන්න. දෙවනුව, එම පාඩම ම සඟල වරහන් ({ }) හෝ අහු වරහන් ([]) තුළ ඇති ඉංග්‍රීසි පාඩම හා සසදමින් අධ්‍යයනය කරන්න - සඟලවරහන් හෝ අහුවරහන් තුළ ඇති ඉංග්‍රීසි පාඩම, සිංහල පාඩම බවට පරිවර්තනය වීමට මුල් වූ මූලික පාඩම බව මතක තබා ගන්න. තෙවනුව, ඉංග්‍රීසි පාඩම් ඉංග්‍රීසියෙන් ම අධ්‍යයනය කරන්න; ඉංග්‍රීසි පාඩම් ඉංග්‍රීසියෙන් ම තේරුම් ගැනීමට හැකිවන තාක්, ඉහත ක්‍රම දෙකින් ම මාරුවෙන් මාරුවට මැනවින් අධ්‍යයනය කරන්න.

අවවාදය: මෙහි පළකරන කිසිදු දැන්වීමකට, අප කිසිසේත්ම වගකියනු නොලැබේ.

විඩියෝ පාඩම්: මෙහි කතාකරන වීඩියෝ පාඩම් - Quality - 720p හෝ 1080p - HD - නැරඹීම සුපැහැදිලි ය; නැරඹීම සහ ශ්‍රවණය කිරීම අතිශයින් ම උපකාරීය ය. වඩා නිවැරදි ඉංග්‍රීසි ශබ්දෝච්චාරණ සඳහා පාඩමේ පහත ඇති ඉංග්‍රීසි කතාකරන වීඩියෝව ද, (අනාගතයේ දී) පාඩමේ ඉහළ ඇති සිංහල කතාකරන වීඩියෝව ද උපයෝගී කරගන්න.

කනගාටුව: (යම්යම් හේතූන් නිසා - සහේතුකව,) පාඨ-වරණය හා දකුණු-මූසික-ක්‍රියාකාරකම වළකාලීම තුළින් පැන නැඟෙන අපහසුතා පිළිබඳව අපගේ බලවත් කණගාටුව!

අපි, ඔබේ යෝජනා-චෝදනා, නින්දා-ප්‍රසංසා සහ හරි-වැරදි පෙන්වාදීම් බෙහෙවින් ම අගයකොට තකන්නෙමු.

කරුණාකර, නිවැරදි කිරීමට යමක් ඇත්නම්, පෙන්වාදෙන්න.

බොහෝම ස්තුති යි!

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll