"බී" යන ක්‍රියා පදය - 128

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Werb "Bi/Bee" - වර්බ් "බි/බී" - Verb "Be". 


බී” යන ක්‍රියා පදය අපි වෙනස් ආකාර දෙකකින් යොදා ගන්නෙමු.
{We use the Verb Be in two different ways.}

1. අකර්මක ක්‍රියා පදයක් ලෙසින්.
{(A) As an Intransitive Verb.}

ඉන්නවා, තිබෙනවා, තැනක ඉන්නවා, තත්ත්වයක් අද්දකිනවා, හෝ තැනකට බැඳී පවතිනවා යන අර්ථ ගෙන දෙමින්.
{Meaning to exist, remain, occupy a place, experience a state, or be bound for a place.}

God is.
දෙවියන්වහන්සේ වැඩ සිටිත්.
(කවුද කියන්නේ දෙය්යෝ නෑ කියලා.)

How are you?
කොහොමද ඔයාට?

Let it be.
ඒ ගැන (නං) අය මතක් කරන්න(වත්) එපා.
ඒක ඒ තියන විදිහට තියෙන්න දෙන්න.

The spade is in the garden.
සවල තියෙන්නෙ වත්තෙ.

Be off!
යනවා අහකට!
පැත්තකට යන්ඩයි කිව්වේ!
පලයන්ඩ!

This train is for Delhi.
මේ කෝච්චිය දිල්ලිය.
[මේ කෝච්චිය දිල්ලියට යි / වේ - දිල්ලියට යාමට (නියමිතව) බැඳී ඇති කෝච්චිය යි මේ.]

(B) අසම්පූර්ණ පදයක අර්ථ (භාව / අභිධාන) පූරණය / ආඛ්‍යාතය ලෙස.
{As a Verb of Incomplete Predication.}

He is ill.
ඔහු සුවෙන් නො වේ.
(ඔහු ලෙඩින්. ඔහු අසනීපෙන්. එයාට සනීප නෑ.)

They were late in arriving.
එයාලා නැගිටින්න පරක්කු වුණා.

I am a painter.
මම සිත්තරෙක් (වෙ)මි.

You are not as old as I thought.
මං හිතුව තරං ඔයා(ට) වයස නෑ(නි).
(මා සිතූ තරම් ඔබ හට වයස නො වේ (නි).

2. උපක්‍රියා පදයක් ලෙසින්.
{As an Auxiliary Verb.}

(A) මිශ්‍ර ක්‍රියාව සමඟ කර්තෘකාරක අඛණ්ඩ වාක්‍ය සැකසීමට.
{With the present participle to form active continuous tenses.}

I am learning Pali.
මම පාළි ඉගෙන ගමින් ඉන්නෙ.
මං පාලි ඉගෙන ගන්න ගමන් ඉන්නේ.

They were having their dinner.
ඔවුහු රාත්‍රී භෝජනය ගන්න ගමන් හිටියේ.
ඔවුන් හිටියේ රාත්‍රී ආහාර වේල ගනිමින්.
එයාලා රෑ කෑම කකා හිටියේ.

We are trying to let our house.
අපි අපේ නිවස කුලියට දෙන්ඩ උත්සහ කරමින් ඉන්නේ.
අපි අපේ ගෙදර කුලියට දෙන්ඩ ට්‍රයි කර කර ඉන්නේ.

(B) මිශ්‍ර ක්‍රියාව සමඟ කර්මකාරක අඛණ්ඩ වාක්‍ය සැකසීමට.
{With the present participle to form passive continuous tenses.}

The supper was being cooked.
සන්ධ්‍යා භෝජනය උයමින් හිටියෙ.
සැන්දෑ අහර උය උයා තිබ්බෙ.
සැඳෑ ආහාරය ඉවෙමින් තිබුණේ.

We were being shown over the school.
ඉස්කෝලෙ හරියෙ දී, අපිව හඳුන්වා දෙමින් හිටියේ.

(C) සකර්මක ක්‍රියා පදවල අතීත කෘදන්ත සමඟ කර්මකාරක වාක්‍ය සැකසීමට.
{With the past participles of transitive verbs to form passives.}

Everything was done that we required.
අපිට ඕනා / ඕනෑ / ඕන (වුණු) හැමදේ ම කෙරුණා.
අපිට අවශ්‍ය වුණ සෑමදේ ම කෙරුණා.

They were clad in khaki.
ඔවුන්ව කාකි ඇඳුමින් සරසවා සිටියා.
ඔවුන්ව කාකි ඇඳුමින් අන්දවා හිටියා.

(D) ඇතැම් අකර්මක ක්‍රියා පදවල අතීත කෘදන්ත සමඟ, පරිපූර්ණ අර්ථය ගෙන දීමට.
With the past participles of certain intransitive verbs, to form perfects.

You are grown up now.
ඔයා (උස-මහතට) හැදිලා-වැඩිලා (ඉවරයි) දැන්.
ඔයා දැන් (උස-මහතට) හොඳට ම ලොකුවෙලා.

The sun is set.
ඉර බැහැලා.
හිරු අවරට ගොස් ඇත.

(E) භාවක්‍රියා (තුමන්ත ක්‍රියා) පදය සමඟ, කටයුත්ත (කටයුත්ත = කළ යුතු දේ) හෝ අදහස හෝ සංකල්පනාව ප්‍රකාශ කිරීමට.
{With the infinitive to express duty, intention or supposition.}

That house is to let.
අර ගෙදර තියෙන්නෙ කුලියට දෙන්න.
අර නිවස කුලියට දෙන්නයි තියෙන්නෙ.

We are to dine with him tomorrow.
අපි එයත් එක්ක හෙට කිමිදෙන්නයි ඉන්නේ.
අපි හෙට ඔහුත් එක්ක කිමිදෙන්නයි ඉන්නේ.

He is to be operated on soon.
ඔහුව ඉක්මනින් ම ඔපරේෂන් කරන්ඩයි ඉන්නේ.
එයාව ඉක්මනට ම ශල්‍යකර්මකට භාජනය කරන්නයි හදන්නේ.

Where are they to meet us?
ඔවුන් කොහෙද, අපිව මුණගැසීමට (නම්)?
අපව මුණගැසීමට (නං), එයාලා කොහේද?

If you were to go there, you might meet him.
ඔයා එතෙන්ට යන්න හිතං හිටියා නං, ඔයාට එයාව මුණගැහෙන්න ඉඩ තිබ්බා.
ඔයා එතනට / එතැනට යන්ඩ හිතං හිටියා නං, (සමහර විට) ඔයාට එයාව මුණගැහෙන්ඩ ඉඩ තිබ්බා.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll