අනාගත කාලය - 67

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Anagatha Kalaya - අනාගත කාලය - Future Tense.


අනාගතයේ දී යමක් සිදුවෙන බව හෝ සිදුවෙමින් පවතින බව හඟවන්නේ අනාගත කාලයෙනි. අනාගත කාලය සකසා ගන්නේ shall (be) – ෂැල් හෝ will (be) – විල් යන උපක්‍රියා පද යොදා ගනිමින්ය. [Shall යොදා ගන්නේ උත්තම පුරුෂ (ප්‍රථමා විභක්ති) කර්තෘ සමඟ ම පමණි.]

{The Future Tense denotes that something will take place or will be taking place (in the future). It is formed by using the auxiliary verbs shall (be) or will (be). [Shall is used with the First Person (nominative) only.]}

(A few examples - උදාහරණ කිහිපයක්.)

I shall write you when I get home - මම ගෙදර ගියාම ඔයාට ලිවුමක් එවන්නං.

You will find that book in the library - ඔයාට පුස්තකාලෙන් ඒ පොත හම්බවෙයි.

We shall be doing it then - එතකොට අපි ඒක කර කර ඉඳියි.

# බොහෝ වෙලාවට අපි අනාගතය හැඟවීමට/ප්‍රකාශ කිරීමට, වර්තමාන කාලය භාවිතා කරන්නෙමු.

{Often we use the Present Tense to express the future.}

(A few examples - උදාහරණ කිහිපයක්.)

I leave early tomorrow morning - මම හෙට උදෙන්ම පිටත් වෙනවා.

He arrives on Saturday - ඔහු/එයා සෙනසුරාදට (එනවා) එයි.

It happens - ඒක සිද්ධ (වෙනවා) වෙයි.

[# එමෙන්ම, අපි අනාගත ක්‍රියාව ප්‍රකාශ කිරීමට going (to) – ගොව්-ඉං (ටූ)  – (යමක් කරන්නයි) යන්නේ යන කියමන, කර්තෘ සමඟ (to) be – (ටූ ) බී යන ක්‍රියා කොටස් සමඟ භාවිතා කරන්නෙමු.

{Also, we use the expression going (to) with the forms of the verb (to) be, to express future action.}

(A few examples - උදාහරණ කිහිපයක්.)

වාක්‍ය වින්‍යාසය = කර්තෘ + බී + going + භාව ක්‍රියාව (+ ඌන පූරණය / කර්ම පූරණය).
{Syntax = Subject + Be + going + Infinitive (+ Objective Complement).}

I am going to give up smoking - මම සිකරට් බොන එක නවතන්ඩයි යන්නේ. (නවත්වන්න / නවත්වන්ට)

She is going to have some teeth out - ඇය/එයා දත් කීපයක්ම ගලවඩයි යන්නේ. (ගලවන්ට / ගලවන්නට)

We are going to Master English - අපි ඉංග්‍රීසි කෙළපැමිණෙන්ඩයි යන්නේ. (කෙළපැමිණෙන්න / ...)]

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll