සමූහවාචී නාමපද හා නාම සමූහය - 10

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Samuhawachee Namapada Ha Nama Samuhaya - සමූහවාචී නාමපද හා නාම සමූහය - Collective Nouns and Nouns of Multitude.


නාම පදයක් සමූහවාචි අරුතින් යොදන විටදී හා එම නාමපදයම කණ්ඩායමක තනි තනි සාමාජිකයා අඩංගු කොට හැඳින්වීමට යොදන විට, එම නාමපද දෙක අතර අදාල වෙනස අපි හොඳින් වටහාගතයුතුව ඇත. උදාහරණයක් ලෙස team යන පදය සමූහවාචි නාම හා නාම සමූහය ගෙනදීමට යෙදී ඇති අයුරු වෙනවෙනම වටහාගමු.

{We must distinguish the difference between a noun used in a collective sense and the same noun used to denote the individuals comprising a group. For instance, the word may be a collective noun or a noun of a multitude.}

1. The team was chosen by a committee; යන වාක්‍යයේ දී, team (කණ්ඩායම) යන නාමය, තනි එකතුවක්, සමූහවාචි නාමයක් (ඒක වචනයක්) ලෙස ගෙන ඇත.

{If we say The team was chosen by a committee; The word team is used as a collective whole.}

2. The team were all non-smokers; නමුත් මෙහිදී (නාම සමූහය තුළ) තනි තනි සාමාජිකයා අදහස්කොට (බහුවචනයක් ලෙස) ගෙන ඇත.

{But if we say The team were all non-smokers, We are speaking of the individual members of the team.}

පළමු වාක්‍යයේ දී team යන පදය සමූහවාචි නාමපදයක් ලෙසින් ගැනීම නිසා ක්‍රියා පදය ඒකවචනයෙන් ද, දෙවන වාක්‍යයේ දී team යන පදය නාම සමූහයක් ලෙසින් ගැනීම නිසා ක්‍රියා පදය බහුවචනයෙන් ද යෙදීම අවශ්‍ය ය.

{In the first sentence team is a collective noun and requires a verb in the singular & In the second sentence team is a noun of multitude and takes a verb in the plural.}

පහත උදාහරණ දෙස හොදින් බලා වෙනස හඳුනාගන්න.

As Collective Nouns - සමූහවාචි නාම ලෙසින්.

1. The party is composed of men, women and children.
2. The police is a department of government that maintains public order.
3. A committee was formed to look after refugees.
4. The lowing herd winds slowly o’er (= over) the lea.
5. There was a struggle between the opposing cavalry.

As Nouns of Multitude - නාම සමූහය ලෙසින්.

1. The party were all killed by an avalanche.
2. Police are needed in all countries.
3. The committee were all of the same opinion.
4. The herd were mostly cows.
5. The cavalry number about a thousand.

ඔබත් මෙවැනි උදාහරණ සොයන්න.

ඉඟි : Army. Navy, Air-force ...

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll