බහුවචන සාදාගන්නේ කෙසේදැයි - I - 16

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Bahu Wachana Sada Ganne Kesedai I - බහුවචන සාදාගන්නේ කෙසේදැයි I - How to Make Plurals I


නාම පදවල බහුවචන ස්වරූපය සැකසීමට නොයෙක් ක්‍රම ඇත.
{The plurals of nouns are formed in various ways.}

• හුරුපුරුදු ක්‍රමයනම්, ඒක වචනය අගට S එකතුකිරීමෙන් ...
උදාහරණ : book - books, egg-eggs, eye - eyes, bicycle - bicycles ... 

{The usual way is by adding s to the singular.
E.g. book - books, egg - eggs, eye - eyes, bicycle - bicycles.}

බහු වචන ක්‍රියාවක්, ඒක වචන ක්‍රියාවක් බවට හැරවීමේ දී ද මෙම ක්‍රමය ම අනුගමනය කරනු ලැබේ.
උදාහරණ : Play = සෙල්ලම් කරනවා. Plays - සෙල්ලම් කරනවා.

• CH, SH, SS, හා X වලින් අවසානවන ඒක වචන නාම පදයේ අගට ES එකතුකිරීමෙන් ...
උදාහරණ : match - matches, brush - brushes, kiss - kisses, box - boxes ...

{The plurals of nouns ending in ch sh ss and x are formed by adding es to the singular.
E.g. match - matches, brush - brushes, kiss - kisses, box - boxes.}

බහු වචන ක්‍රියාවක්, ඒක වචන ක්‍රියාවක් බවට හැරවීමේ දී ද මෙම ක්‍රමයම අනුගමනය කරනු ලැබේ.

උදාහරණ : Catch = අල්ලනවා. Catches - අල්ලනවා.                             

• නාම පදයක් Y අකුරින් අවසන්වනවිටදී, Y අකුරට කලින් ස්වරයක් තිබේ නම් S අකුර එකතුකිරීමෙන්... 
උදාහරණ : boy - boys, key - keys way – ways ...

{When a noun ends in y preceded by a vowel, the plural is formed by adding s to the singular.
E.g. boy - boys, key - keys way – ways ...}

• නමුඳු, අවසාන Y අකුරණ කලින් ඇත්තේ ව්‍යංජනයක් නම්, Y අකුර I අකුර බවට පත් වී ES එකතුවීමෙන් ... 
උදාහරණ : fly - flies, baby - babies, enemy – enemies ...

{But if the final y is preceded by a consonant, the plural is formed by changing y into i & adding es ...
E.g. fly - flies, baby - babies, enemy – enemies ...}

• නාමපදයක් O අකුරින් අවසන්වනවිට, එම O අකුරට කලින් ඇත්තේ ව්‍යංජනයක් නම්, O අකුරට ES එකතුකීරිමෙන් ...
උදාහරණ : cargo - cargoes, echo - echoes, hero - heroes, potato - potatoes ...

{When a noun ends in o preceded by a consonant, the plural is formed by adding es to the singular.
E.g. cargo-cargoes, echo - echoes, hero - heroes, potato - potatoes.}

* එසේ නොවන අවස්ථා : piano - pianos, solo - solos.
*{Exceptions: piano - pianos, solo - solos.}

විශේෂ අවස්ථා : mosquito යන වදනේ බහුවචනය  mosquitos හෝ mosquitoes වේ.
{The plural of mosquito = mosquitos or mosquitoes.}

• O අකුරින් අවසානවන නාමයකට කලින්, ස්වරයක් හෝ Y අකුර යෙදේ නම්, අගට S එකතුකිරීමෙන්...
 උදාහරණ : bamboo - bamboos, cuckoo - cuckoos, embryo - embryos ...

{When a noun ends in o preceded by a vowel or y, the plural is formed by adding s to the singular. 
E.g. bamboo - bamboos, cuckoo - cuckoos, embryo - embryos ...}

• නාම පදයක් F අකුරින් අවසන්වන්නේනම් F අකුර V බවට පත්වී ES එකතුවීමෙන් හෝ, FE වලින් අවසන්වන්නේනම් FE යන්න VE බවට පත්වී S එකතුවීමෙන් ...
උදාහරණ : calf - calves, leaf - leaves, shelf - shelves, thief -thieves, wolf - wolves, scarf - scarves, knife - knives, life –lives ...
[නමුඳු මෙය safe - safes එසේ නොවේ.]

{When a noun ends in f changing f into v & adding es or in fe changing fe into ve & adding s. 
calf - calves, leaf - leaves, shelf - shelves, thief -thieves, wolf - wolves, scarf - scarves, knife - knives, life –lives ... [but: safe -safes.]}

•  සමහර ඒවායේ අපි එසේ F අකුර V බවට පත්නොකරම S එකතුකිරීමෙන් ...
උදාහරණ : chief-chiefs, dwarf-dwarfs, proof-proofs ...

{Some we don’t change f into v.
 chief-chiefs, dwarf-dwarfs, proof-proofs ...}

•  ඉහත අවසාන ක්‍රම දෙකින්ම...
උදාහරණ : hoof-hoofs-hooves, wharf-wharfs-wharves …

{Both ways: hoof-hoofs-hooves, wharf-wharfs-wharves.}

• සමහර නාම තුළ ඇති ස්වරය හෝ ස්වර වෙනස්වීමෙන් ...
උදාහරණ : foot-feet, goose-geese, man-men, mouse-mice, tooth-teeth, woman-women …

{Some changing the inside vowel or vowels.  foot-feet, goose-geese, man-men, mouse-mice, tooth-teeth, woman-women.}

• නාම පද කිහිපයක් සතුව EN හා NE වලින් අවසන්වන, ඒවායේ පුරාණ/පැරණි බහුවචනය ම දක්නට ලැබේ.
උදාහරණ : child-children, cow-kine-(cows), ox-oxen …

{A few nouns have old plurals ending in en or ne.  child-children, cow-kine-(cows), ox-oxen ...}

ඒකවචන හා බහුවචන යන ස්වරූපයන් දෙකටම එකම පදය යෙදෙන නාමපද ද ඇත. එකී තනි තනි නාම පද, සමූහවාචී අරුතින් යෙදේ. පහත නාම පද පරිද්දෙනි.

{Some nouns have the same form in the singular and the plural. They are individual nouns which are used in a collective sense. Such as following :} 

Counsel = නීති උපදේශක හෝ නීති උපදේශකයෝ.
{Counsel = Legal adviser or advises.}

Craft = කුඩා නැව්.
{Craft = Ships of small size.}

Deer, duck, fish, game = දඩයම්කරනුලබන සතුන්. 
{Deer, duck, fish, game = Animals which are hunted.}

Issue = දරුවා හෝ දරුවෝ. 
{Issue = Child or children.}

Offspring = දරුවෝ.
{Offspring = Children.}

Salmon/Salmons = සැමන් මත්ස්‍යයා හෝ සැමන් මසුන් හෝ සැමන් මත්සයාගේ මාංශය.

Sheep = බැටළුවා හෝ බැටළුවෝ.

Shot = මූනිස්සම හෝ මූනිස්සම්.

Trout = එනම් මාළුවා හෝ මාළු වර්ගය හෝ එම මත්ස්‍යයා මාංශය.

Wildfowl = දඩයම් කරන ලද වන පක්ෂීන්ගේ මාංශය/මාංශ.

ඉහත පද අතර, deer, offspring, salmon, sheep, trout යන වදන්වල, බහුවචන ස්වරූපයන් නැත.

{Of the above words deer, offspring, salmon, sheep, trout are not to be given the plural forms.}

සමූහයක් හැඳින්වීමට, “Head” (මෙතැන දී “Herd” නොවේ.) යන පදය බහුවචානාර්ථයෙන් “පට්ටියක් (හරක්, එළු ...)” යන සිංහල අරුතින්ම යෙදේ.

{“Head” [Here, It is NOT “Herd”] is used with a plural sense to denote a number of cattle.}

He owned three hundred head of cattle = ඔහුට 300 ක හරක්/එළු/බැටළු/... පට්ටියක් අයිති ය.
හෝ,
ඔහුට හරක්/එළු/බැටළු 300 ක පට්ටියක් අයිති ය.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll