අවධාරණවාචී සර්වනාම - 43

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Awadharanawachee Sarwanama - අවධාරණවාචී සර්වනාම - Emphatic Pronouns. 


නමුදු මෙම ස්වකර්මවාචක සර්වනාමවල තවත් කාර්යයක් ඇත. එය නම් එමඟින්, සර්වනාම අවධාරණය(බර)කොට දැක්වීමයි. අපි එවිට මෙසේ කියමු:

{But these reflexive pronouns have another effect. They also emphasize pronouns, as when we say:}

I myself saw you do it. - ඔයා ඒක කරනවා, (අන් කිසිවකු නොවේ) මම ම යි දැක්කේ. (ඔබ එය කරනු, මම ම දුටුවෙමි.)

We are ourselves students of that school. - අර විදුහලේ ශිෂ්‍යයයෝ අපිම වන්නෙමු. (අර පාසලේ සිසුහු, අපිම හැර වෙන කවරෙක් නම් වන්නෙමුද?)

ඉහත ආකාරයෙන්, මෙලෙස යොදාගන්න විට, එම නාම පදවලට ම අවධාරණවාචී සර්වනාම (අවධාරණීය සර්වනාම) යැයි කිව හැක.

{When used in this way they are called Emphatic pronouns.}

Himself, herself, itself ... ආදිය මඟින් අදහස් කෙරෙන්නේ, “තනිව, වෙනත් / වෙනකෙකුගේ කිසිඳු ඇසුරක් හෝ සහයක් නොමැතිව” යන්න බව මතක තබාගන්න.

{Note that by himself, herself, itself, etc. means “alone, without company or assistance.”}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll