දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්ම කාරක - කෘදන්ත - 119

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Waranangeema - Karma Karaka – Krudantha – දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්ම කාරක - කෘදන්ත - Conjugation of the Verb - Passive Voice - Participles.


දැනටමත් දන්නා ක්‍රියාපදය = To Teach.
[To teach = අනියත ආකාරය = උගන්වන්න / උගන්වන්(න)ට / උගන්වන්ඩ /  - කථා - උගන්නන්ඩ.]
{To Teach. (To Teach = Infinitive.)}

මිශ්‍ර ක්‍රියාව (මිශ්‍රක්‍රියාමය කෘදන්තය) = (වෙන කවුරු හරි ඔබට) උගන්වමින්; උගන්න උගන්නා; උගන්නන ගමන්.
{Present Participle = Being taught. (Being done)}

අතීත කෘදන්තය = (වෙන කවුරු හරි ඔබට) උගන්නලා (තියනවා); උගන්වලා (තියෙනවා).
{Past Participle = (have / has) Been taught. (Been done)}

පරිපූර්ණ (කෘදන්තය) = (වෙන කවුරු හරි ඔබට) උගන්නලා ඉවරවෙලා; උගන්නලා ම ඉවරවෙලා.
{Perfect (Participle) = Having been taught. (Having been done)}

> මෙහි දී සෑමවිට ම ක්‍රියාව කරනු ලබන්නේ / ලැබුවේ / ලද්දේ ඔබට යි - වෙනත් කෙනෙක් / අය (කර්තෘ / කර්තෘන්) විසිණි.
{Here, the action always done by another person(s) / subject(s) / author(s) / doer(s) to you.}<

Homework - ගෙදරවැඩ.
ඉහත පරිදි, පහත ක්‍රියා (මූල) පද (පහ), කෘදන්තයන්ට අදාළව (ඉහත පරිදි) වරනඟන්න.
{Conjugate the following (Infinitives) verbs in Participles (as above): To play, to write, to sing, to read, and to pass.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll