පුරුෂය (කර්තෘ භාවය) හඟවන සර්වනාමයක් ... - 40

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Purushaya Hangawana Sarwanamayak ... - පුරුෂය (කර්තෘ භාවය) හඟවන සර්වනාමයක් ... - A Personal Pronoun ...


සැ. යු.: පහත සවිස්තරකොට ඇති උදාහරණයේ නාමපදය, "පවනි" වන අතර - එය ස්ත්‍රී ලිංග, ඒකවචන, ප්‍රථම පුරුෂ (ප්‍රථමා විභක්ති) බව [පිළිවෙලින් 12, 15, 39, (21) වන පාඩම් ඇසුරින්] වටහා ගන්න. එබැවින් "පවනි" (ගැහැණු දැරියක්) වෙනුවට "ඇය" කියා මිස, වෙනත් කිසිදු පුරුෂය හඟවන නාම පදයක් යෙදිය නොහැකි වබ ද වටහා ගන්න.

නාමපද(ය) වෙනුවට යොදන, පුරුෂය හඟවන සර්ව නාමයක් වාක්‍යයක් තුළ යෙදීමේදී, එය කුමන නාම පදය වෙනුවට යෙදේ දැයි සලකා, අදාළ පුරුෂය (කර්තෘ භාවය) හඟවන සර්ව නාමය, එකී නාමපද(ය) සමඟ ලිංග භේදයෙන් ද, ඒකවචන බහුවචන භේදයෙන් ද, පුරුෂයෙන් ද, ව්‍යාකරණානුකූලව ගලපා යෙදිය යුතුය.

{A Personal Pronoun must agree in Gender, Number and Person with the Noun for which it is used.}

උදාහරණ : - E.g.
(පහත උදාහරණය මනස වෙහෙසා තේරුම් ගන්න.)

# Pavani is a kind girl; she is always ready to help the poor.
[පවනි කාරුණික ගැහැණු දැරියක් වේ. ඇය හැමවිටම දුප්පතුන්ට උදව් කිරීමට සූදානමෙන් සිටියි.]

Pawani is a kind girl; HE is / HE ARE always ready to help the poor.
[පවනි කාරුණික ගැහැණු දැරියක් වේ. ඔහු හැමවිටම දුප්පතුන්ට උදව් කිරීමට සූදානමෙන් සිටිති.] හෝ,

Pawani ARE a kind girl; ...
[පවනි කාරුණික ගැහැණු දැරියක් වෙති. ආදී ලෙසින් ...] හෝ,

Pawani is kind GIRLS; ...
[පවනි කාරුණික ගැහැණු දැරියෝ; ආදී ලෙසින් ...] හෝ,

Pawani is a kind BOY; ...
[පවනි කාරුණික පිරිමි දරුවෙක්; ආදී ලෙසින් ...] හෝ

.... ආදී ලෙස, කිසි සේත් යෙදිය නොහැක.

(ඉහත උදාහරණය සූක්ෂමව අධ්‍යයනය කොට, පහත උදාහරණ 2 හා ගලපා, තේරුම් ගන්න.)

# Most of our students are well-built young men; they are very keen to outdoor games.

# This kind of rubber is no good; it goes hard very soon.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll