දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්ම කාරක - ක්‍රියා නාම - 118

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Waranangeema - Karma Karaka – Kriya Nama –  දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්ම කාරක - ක්‍රියා නාම - Conjugation of the Verb - Passive Voice -  Gerunds.


සැලකිය යුතුයි: Gerund යන ඉංග්‍රීසි පදයට / වචනයට, සිංහලයෙහි “භාව ක්‍රියාව” ලෙස යොදා ගැනුණ ද, මෙම වෙබ්අඩවිය තුළ ඊට “ක්‍රියා නාමය”ලෙස යොදාගෙන ඇත්තේ, එසේ යෙදීම සර්වසාධාරණ වන නිසා මෙන් ම, හා, Infinitive = “භාව ක්‍රියාව” (තුමන්ත ක්‍රියාව) යන සිංහල ව්‍යවහාරය හා පටලවාගැනීම වලක්වාලීමේ අටියෙනි.

දැනටමත් දන්නා ක්‍රියාපදය = To Teach.
[To teach = “භාව ක්‍රියාව” (තුමන්ත ක්‍රියාව) = උගන්වන්න / උගන්වන්(න)ට / උගන්වන්ඩ /  - කථා - උගන්නන්ඩ.]
{To Teach. (To Teach = Infinitive.)}

සරල ක්‍රියා නාමය (වර්තමාන හෝ අනාගත කාලයට අදාළව යොදා ගැනේ) = Being taught = (වෙන කවුරු හරි ඔබට) උගන්නන එක; (වෙන කවුරු හරි ඔබට) උගැන්වීම.
{Simple Gerund (Refers to the present or future) = Being taught; Refers to the present or future.}

පරිපූර්ණ ක්‍රියා නාමය (අතීත කාලයට අදාළව යොදා ගැනේ) = Having been taught = (වෙන කෙනෙක් ඔබට) උගන්නා / උගන්වා / ඥානනය කොට; (වෙන කෙනෙක් ඔබට) උගන්(ව/න)ලා / උගන්වා ඉවරවෙලා / උගන්නලා අවසන් වී / ඥානනය කොට ඉවර වී.
{Perfect Gerund (Refers to the past) = Having been taught.}

සරල ක්‍රියා නාමය = Being taught [= ඉගැන්වීම / ඉගෙනුම (ක්‍රියාව) ලබන්නේ ඔබ යි.]
පරිපූර්ණ ක්‍රියා නාමය = Having been taught [= ඉගැන්වීම / ඉගෙනුම (ක්‍රියාව) ලැබුවේ / ලද්දේ ඔබ යි.]
> මෙහිදී සෑමවිට ම ක්‍රියාව කරනු ලබන්නේ / ලැබුවේ / ලද්දේ ඔබ යි - වෙනත් (කර්තෘ) කෙනෙක් විසිණි.
{Gerunds = Being taught [= You receive (the) teaching (action)];
Having been taught [= You (have) received (the) teaching (action)].
Here, the action always done by another person / subject / author / doer to you.}

Examples - උදාහරණ:

[I love teaching = මම ආසයි (මම) උගන්නන එකට = කර්තෘකාරක.]
I love being taught = කර්මකාරක.
මං ආසයි (මට කවුරු හරි) උගන්නන එකට.
[මං ආසයි (කාගෙන් හරි / බාහිරින්) ඉගෙනගන්න එකට.]

Having been taught, one can be educated.
උගන්නා (උගන්නලා), කෙනෙක්ව හික්මවිය හැක.

One can be uplifted, having been taught.
කෙනෙක්ව ඔසවා තැබිය හැක, උගන්වා (උගන්වලා).

Homework - ගෙදරවැඩ.

ඉහත පරිදි  (කර්ම කාරක වාක්‍ය තුළ), පහත ක්‍රියා (මූල) පද (පහ), ක්‍රියා නාමයන්ට අදාළව (ඉහත පරිදි) වරනඟන්න.

{Conjugate the following (Infinitives) verbs in Gerunds (as above, in Passive Voice): To play, to write, to sing, to read, and to pass.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll