වර්තමානකාල පරිපූර්ණ ක්‍රියා - 74

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Warthamanakala Paripurna Kriya - වර්තමානකාල පරිපූර්ණ ක්‍රියා - Present Perfect Tense.


# යමක් “කරලා ඉවරඋණා විතරයි” යන්න ප්‍රකාශ කිරීමට, වර්තමානකාල පරිපූර්ණ (කාල) ක්‍රියා (වාක්‍ය) භාවිත කරණු ලැබේ.

{The Present Perfect Tense is used to express something just done.}

I have finished the work you asked me to do - ඔයා මට කරන්න කියලා කියපු වැඩේ, මං මේ දැන් කරලා ඉවරුණා විතරයි.
I have typed lesson No. 74 - මම මේ 74 වෙනි පාඩම යතුරු ලියලා (ටයිප් කරලා) ඉවරඋණා විතරයි.
You have read a few lessons - ඔයාල පාඩම් කිහිපයක් කියවලා ඉවරඋණා විතරයි.

# නමුදු, “කරලා ඉවරඋණා විතරයි” යන්නට වඩා “කරලා/කරලා තියනවා*, (වෙලා/වෙලා තියනවා*..., ඉවර වූ/ඉවර වෙලා තියන*…)” ලෙසින්, කරලා ඉවර සාමාන්‍ය සිදුවීමක් බව ඇඟවීමට ද වර්තමානකාල පරිපූර්ණ ක්‍රියා භාවිතා කරණු ලැබේ.

{But, it is also used in a more general sense.}

I have often told you to be careful - මම කොච්චර හරි/වත් ඔයාට කියලා තියනවා*නි පරිස්සන් වෙන්ඩ කියලා.
We have had a lot of chances - අපිට ගොඩාක් අවස්ථා ලැබිලා/තිබිලා තියනව*නි.
She has been here thrice - එයා මෙහෙට තුන් පාරක් ඇවිලා තියනවා*.

# නිෂේධකයක් (ඍණාත්මක පදයක්) සමඟ වර්තමානකාල පරිපූර්ණ ක්‍රියා භාවිතා කරනු ලබන විටදී, එසේ භාවිතය ද සාමාන්‍ය අරුතින් ම [“කරලා නෑ/… (වෙලා නෑ/...)”] බව සලකන්න.

{When the Present Perfect Tense is used with a negative, it is also in a general sense.}

I have not heard Bengali spoken - මම බෙංගාලි කතාකරනවා අහලා නෑ.
We have never been to Colombo - අපි කවදාවත් ම කොළඹ ගිහිල්ල නෑ.
No one has told you to give up Self-Studying - ස්වයං-අධ්‍යනය අතාරින්ඩ (කියලා), ඔයගොල්ලන්ට කිසි කෙනෙක් කියලා නෑ.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll