අනාගතකාල අඛණ්ඩ ක්‍රියා - 79

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Anagathakala Akhanda Kriya - අනාගතකාල අඛණ්ඩ ක්‍රියා - Future Continuous Tense. 

IngreesiPadama - ඉංග්‍රීසි පාඩම - English Lesson.

අනාගතකාල අඛණ්ඩ ක්‍රියා (වාක්‍ය) යොදාගනු ලබනේ, යමක් (එනම් එකී දෙය/ක්‍රියාව) අනාගතයේදී දිගින් දිගටම සිදුවන (සිදුවෙමින් පවතින) බව ප්‍රකාශ කිරීමට යි.

{The Future Continuous Tense is used to express something, which will be going on, in the future.}

A Few Models - උදාහරණ කිහිපයක්.

A Few Models - උදාහරණ කිහිපයක්.

She will be busily preparing for her examination then.
එවක (ඒ කාලේ) වෙනකොට, ඇය/එයා එයාගේ විභාගෙට (එග්සෑම් එකට) කඩිමුඩියේ සූදානම් වෙවී (වෙමින්) ඉඳියි/ඉඳීවි.

Yeah, I will be studying English.
ඔව් නිසැකවම, මම ඉංග්‍රීසි අධ්‍යනය (කරමින්) කර කර ඉඳියි/ඉඳීවි.

After that, we will be discussing about those lessons. …

ඒකරලා/ඊට පස්සේ, අපි ඒ පාඩම් ගැන සාකච්ඡා (කරමින්) කර කර ඉඳියි/ඉඳීවි. ...

[සාකච්ඡා කර කර ඉඳලා විතරක් මඳි ☺.]

Homework - ගෙදරවැඩ.

තව තවත් උදාහරණ සොයා, (76 සහ 77 වන පාඩම් වල/තුළ පරිදි) වාක්‍ය වින්‍යාසය සකසා, මතක තබා ගන්න.

{Find some more illustrations and make/line/remember the Syntax.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll