අතීතකාල පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා - 83

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Atheethakala Paripurna Akhanda Kriya - අතීතකාල පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා - Past Perfect Continuous Tense.


අතීතයේ දී හෝ යම් (නිශ්චිත හෝ අවිනිශ්චිත) අතීත කාල පරාසයක් තුළ, දිගින් දිගට ම (නිතර, නිතර නිතර, ආදී ලෙසින්) කරන ලද යමක් (යම් ක්‍රියාවක්) ප්‍රකාශ කරන්නේ අතීතකාල පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා මඟින් ය.

[ > කරමින්/කර කර ඉදලා තිබුණා/තිබ්බා < වාක්‍ය. ]

{The Past Perfect Continuous Tense denotes that something has done continually (often, frequently, etc.) in the past or in a (certain or uncertain) past period (of time).}

උදාහරණ කිහිපයක් - A Few Models.

I had been teaching English on the Web.
මම අන්තර්ජාලයේ ඉංග්‍රීසි උගන්වමින් ඉදලා තිබුණා (තිබ්බා).

He/She had been learning English on the Web.
එයා (ඔහු/ඇය) අන්තර්ජාලයේ ඉංග්‍රීසි ඉගනගනිමින් ඉදලා තිබුණා.

We had been creating an English website.
අපි ඉංග්‍රීසි වෙබ්අඩවියක් නිර්මාණය කරමින් ඉදලා තිබුණා.

අපි එසේ කරමින් ඉදලා තිබුණ ක්‍රියාවේ කාල පරාසය ප්‍රකාශ කිරීමට හෝ අවධාරණය කොට පැවසීමට අවශ්‍ය වන විට, “for”, “since”, සහ before යනාදී අව්‍ය පද ද, (නිශ්චිත හෝ අවිනිශ්චිත) අතීත කාලයක් / කාල පරාසයක් ද භාවිතා කරන්නෙමු.

{When we want to express/stress the period [(of time) (of the action)], we use prepositions “for”, “since”, before, etc. and a (certain or uncertain) past time / period.}

දැන් එවිට, පළමු උදාහරණම මෙසේ වෙනස් වේ :
{Now then, the same Models become :}

I had been teaching English on the Web for years.
මම අන්තර්ජාලයේ අවුරුදු ගාණක් / ගාණක් තිස්සේ ඉංග්‍රීසි උගන්වමින් ඉදලා තිබුණා (තිබ්බා).

He/She had been learning English on the Web since 2012.
එයා (ඔහු/ඇය) 2012 (දෙදාස් දොළහේ) සිට / ඉදලා අන්තර්ජාලයේ ඉංග්‍රීසි ඉගනගනිමින් ඉදලා තිබුණා.

We had been creating an English website before 2012.
2012ට (දෙදාස් දොළහට) කලින් / පෙර (නං), අපි ඉංග්‍රීසි වෙබ්අඩවියක් නිර්මාණය කරමින් ඉදලා තිබුණා.

ගෙදර වැඩ - Homework.

තව තවත් (එවැනි) උදාහරණ සොයා, (76 වන පාඩමේ පරිදි) වාක්‍ය වින්‍යාසය සකසා, මතක තබා ගන්න.

{Find some (such) more illustrations and make/line/remember the Syntax (as in the lessons no. 76).}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll