ප්‍රාථමික අසම්භාව්‍ය ක්‍රියා - 94

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Prathamika Asambhawya Kriya - ප්‍රාථමික අසම්භාව්‍ය ක්‍රියා - First Conditional.


අනාගතයේ දී ප්‍රතිඵල(ය) / ඵල(ය) සත්‍ය විය හැකි වන විට, අපි ප්‍රාථමික අසම්භාව්‍ය ක්‍රියා යොදා ගන්නෙමු.
{When the result(s) can be true in (the) future, we use the First Conditional Sentences (First Conditional).}

වාක්‍ය වින්‍යාසය: If/when/…/ වාක්‍යාංශය + සරල වර්තමාන කාල වාක්‍යය, + සරල අනාගත කාල වාක්‍යය.
[සරල අනාගත කාල වාක්‍යය, +  If/when/…/ වාක්‍යාංශය + සරල වර්තමාන කාල වාක්‍යය.]

Syntax: If/when/…/ Clause + Simple Present Tense, + Simple Future Tense.
[Simple Future Tense, + If/when/…/ Clause + Simple Present Tense.]

ඔබ සතුන් මරනවා නම්, ඔබ අකාලයේ මියැදේවි.
If you kill beings, you will die untimely.
ඔබ අකාලයේ මිය යාවි, ඔබ සතුන් මරන විට.
You will die untimely, when you kill beings.

අපි හොරකන් කරනවා නං, අපි දුප්පත් වෙයි.
If we steal, we will become poor.
අපි දුප්පත් වේවි, අපි හොරකන් කරන කොට.
We will become poor, when we steal.

ඔබ කාමයෙහි වරදවා හැසිරෙන්නේ නම්, ඔබ කායිකව හා මානසිකව රෝගී වේවි.
If you misbehave in sex, you will get ill both mentally and physically.
ඔබ කායිකව හා මානසිකව රෝගී වෙයි, ඔබ කාමයෙහි වරදවා හැසිරෙන විට.
You get ill both mentally and physically, when you misbehave in sex.

ඔබ බොරු කියනවා නං, මිනිස්සු ඔබව විශ්වාස නො කරයි.
If you tell lies, people won’t believe you.
මිනිස්සු ඔබව විශ්වාස නො කරාවි, ඔබ බොරු කියන කොට.
People won’t believe you, when you lie.

ඔබ මත්ද්‍රව්‍ය ගන්නේ නං, ඔබගේ ප්‍රඥාව වියැකී යයි.
If you take intoxicating substances, you will lose your wisdom.
ඔබගේ ප්‍රඥාව වියැකී යාවි, ඔබ මත්ද්‍රව්‍ය ගන්න කොට.
You will lose your wisdom, when you take intoxicating substances.

Homework - ගෙදරවැඩ.

ඕනෑම තැනකදී, ප්‍රාථමික අසම්භාව්‍ය ක්‍රියා වාක්‍ය යොදා ගන්නා සෑම විටකදී ම, ඒ බව හඳුනා / තේරුම් / සටහන්කර / ලැයිස්තුගතකර ගන්න.

{Find/note/figure out First Conditional whenever/wherever it is used.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll