තෘතීය අසම්භාව්‍ය ක්‍රියා - 96

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Thrutheeya Asambhawya Kriya - තෘතීය අසම්භාව්‍ය ක්‍රියා - Third Conditional Tense.


අපි තෘතීයික අසම්භාව්‍ය ක්‍රියා වාක්‍ය යොදා ගනුයේ:
{We use Third Conditional Sentences (Third Conditional) to:}

අතීතය කාලය තුළ දී නොකළ / සිදුනොවූ (නොකරන ලද / සිදු වී නොමැති), පරිකල්පනය කරන (හිතන, කාල්පනික, හීන දකින) දෙයක් / දේ ප්‍රකාශ කිරීමට ය.
{Express (an) imaginary thing(s) in (the) Past, which has (have) not done/happened.}

වාක්‍යය වින්‍යාසය: If වාක්‍යාංශය + සරල අතීත කාල පරිපූර්ණ වාක්‍යය, + කර්තෘ + would + have (+ would have) + V3 (+ ඌන පූර්ණය).

[කර්තෘ + would + have (+ would have) + V3 (+ ඌන පූර්ණය), + If වාක්‍යාංශය + සරල අතීත කාල පරිපූර්ණ වාක්‍යය.]

{Syntax: If Clause + Past Perfect, + Subject + would + have (+ would have) + V3 (+ complement).

[Subject + would + have (+ would have) + V3 (+ complement), + If Clause + Past Perfect.]}

V3 = වැදගත් සටහන 1 බලන්න.
{V3 = See Important Note 1}

A few models - උදාහරණ කිහිපයක්.

Would have = ...න තිබ්බා.

මම පෝසත් වෙලා හිටිය/හිටියා නං, මට කාර් එකක් ගන්න තිබ්බා.
If I had been rich, I would have bought a car.
මට කාර් එකක් ගන්න තිබ්බා, මම පෝසත් වෙලා හිටිය/හිටියා නං.
I would have bought a car, if I had been rich.

මට සල්ලි (තිබිල / තිබිලා) තිබ්බ / තිබ්බා නං, මට ඇයට දෙන්න තිබ්බා.
If I had had money, I would have given (to) her.

එයාලා එහෙ(ට) ගිහිං තිබ්බ/හිටිය නං, එයාලට එයා හම්බෙන්න තිබ්බා.
If they had gone there, they would have met her.

මං මීට වඩා කලින් නැගිටලා තිබ්බ/හිටිය නං, මට බස් එක අල්ලගන්න තිබ්බා.
If I got up earlier, I would catch the bus.

ඇය චපල නොවී තිබ්බ/හිටිය නං, ඔහු ඇයට ආදරය කරන්න තිබ්බා.
If she had not been treacherous, he would have loved her.

Homework - ගෙදරවැඩ.

ඕනෑම තැනකදී, තෘතීයික අසම්භාව්‍ය ක්‍රියා වාක්‍ය යොදා ගන්නා සෑම විටකදී ම, ඒ බව හඳුනා / තේරුම් / සටහන්කර / ලැයිස්තුගතකර ගන්න.

{Find/note/figure out Third Conditional, whenever/wherever it is used.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll