කර්තෘ - 53

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Kathru - කර්තෘ - Subject. 


කෙනෙකු හෝ දෙයක් හෝ තැනක් හෝ තත්ත්වයක් සම්බන්ධයෙන් කතාකරනු ලබන්නේ "කර්තෘ" කියා කියයි. 

[“මම - I”, “අපි - We”, “ඔබ/ඔබලා - You”, “ඔහු - He”, “ඇය - She”, “ඌ/ඒකා/ඒක - It”, “ඔවුහු - They” (තෝ - Thou / තොපි - Ye) ද; වාක්‍යයක මුලට (කර්තෘභාවයෙන් - ක්‍රියාව කරන බවින් / ක්‍රියාවට මුල්ව/මූලිකව) යෙදෙන ඕනෑම පුද්ගලයෙක්ට, තැනකට, දෙයකට හෝ තත්ත්වයකට ද “කර්තෘ” කියා කියනු ලැබේ.]

{The person, or place, or thing, or state which is spoken of is called the Subject.}

I forgot my umbrella.
Anuradhapura is a historical city.
Gold is a precious metal.
Forgetfulness is a bad habit.

මෙහිදී “මම”, අනුරාධපුර”, “රත්තරං” හා “අමතකවීම” යන වචන “කර්තෘ” (කර්තෘහු) වේ (වෙත්).
{Here I, Anuradhapura, Gold and Forgetfulness are the Subjects of the sentences.}

ඒක වචන කර්තෘ පද - Singular Subjects.

I - මම (am), You - ඔබ / තෝ (are), He - ඔහු (is), She - ඇය (is), It = ඌ / ඒකා / ඒක (is) සහ (කර්තෘභාවයෙන් යෙදෙන) නමක් හෝ තැනක් හෝ දෙයක් හෝ අවස්ථාවක්/තත්වයක්.

{They are: I (am), You (are), He (is), She (is), It (is) and A name or A place or A thing or A state/condition [(is) standing as Subject].}

බහු වචන කර්තෘ පද - Plural Subjects.

We - අපි (are), You - ඔබලා / තොපි (are), They - ඔවුහු (are) සහ (කර්තෘභාවයෙන් යෙදෙන) නම් හෝ තැන් හෝ දේවල් හෝ අවස්ථා / තත්ත්ව.

{They are: We (are), You (are), They (are), Names or Places or Things or States / Conditions [(are) standing as Subject/s].}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll