වර්තමානකාල පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා - 82

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Warthamanakala Paripurna Akhanda Kriya - වර්තමානකාල පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා - Present Perfect Continuous Tense.


වර්තමානකාල පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා (මඟින්) ප්‍රකාශ කරනුයේ, අතීතයේ හෝ මෑත අත්තීතයේ පටන්ගත්, මේ (මොහොත) දක්වා ම කරමින් (කෙරෙමින්) පැවතිය හැකි හෝ මේ (මොහොත) දක්වා ම දිගින් දිගට ම කරන ලද යමක් (යම් ක්‍රියාවක්) ගැනය.

[ > කරමින්/කර කර ඉදලා තියනවා < වාක්‍ය. ]

{The Present Perfect Continuous Tense denotes that something began in the past or recent past and may be continuing or has continued up to now.}

උදාහරණ කිහිපයක් - A Few Models.

I have been teaching English on the Web.
මම අන්තර්ජාලයේ ඉංග්‍රීසි උගන්වමින් ඉදලා තියනවා.

He/She has been (have been) learning English on the Web.
එයා (ඇය/ඔහු) අන්තර්ජාලයේ ඉංග්‍රීසි ඉගනගනිමින් ඉදලා තියනවා.

We have been creating / building an English website.
අපි ඉංග්‍රීසි වෙබ්අඩවියක් නිර්මාණය කරමින් ඉදලා තියනවා.

අපි එසේ කරන (කරමින් ඉදලා* තියන) ක්‍රියාවේ කාල පරාසය ප්‍රකාශ කිරීමට හෝ අවධාරණය කොට පැවසීමට අවශ්‍ය වන විට, “for” සහ  “since” යන අව්‍ය පද ද, “lately” සහ “recently” යන කියමන් (ක්‍රියා විශේෂණ පද) ද ආදිය (නිතර) භාවිතා කරන්නෙමු.

{When we want to express/stress the period [(of time) (of the action)], we use prepositions “for” and “since” as well as expressions “lately and “recently” (often) with It.}

දැන් එවිට, පළමු උදාහරණම මෙසේ වෙනස් වේ.
{Now then, the same Models become:}

I have been teaching English on the Web for years.
මම අවුරුදු ගාණක් තිස්සේ අන්තර්ජාලයේ ඉංග්‍රීසි උගන්වමින් ඉදලා තියනවා.

I have been teaching English on the Web since 2012.
මම 2012 (දෙදාස් දොළහේ) සිට (ඉදලා) අන්තර්ජාලයේ ඉංග්‍රීසි උගන්වමින් ඉදලා* තියනවා.

I have been teaching English on the Web lately.
මම මෑතකදී අන්තර්ජාලයේ ඉංග්‍රීසි උගන්වමින් ඉදලා තියනවා.

I have been teaching English on the Web recently.
මම ඊයේ පෙරේදා අන්තර්ජාලයේ ඉංග්‍රීසි උගන්වමින් ඉදලා තියනවා.

Lately, he/she has been learning English on the Web.
Recently, he/she has been learning English on the Web.
….

Since 2012, we have been creating an English website.
For years, we have been creating an English website. …

ගෙදර වැඩ - Homework.

තව තවත් උදාහරණ සොයා, (76 සහ 77 වන පාඩම් වල/තුළ පරිදි) වාක්‍ය වින්‍යාසය සකසා, මතක තබා ගන්න.

{Find some more illustrations and make/line/remember the Syntax (as in lessons nos. 76.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll