“අපි” යොදාගන්නා හැටි - 51

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“Api” Yodaganna Hati - “අපි” යොදාගන්නා හැටි - Using “We”


අත්‍යන්ත විධිමත් භාෂා පරිහරණයේ දී, මහ රජ/මහ රැජින, රටක ප්‍රධාන පාලකයන් හා ධර්ම දේශකයාණන් වහන්සේලා විසින්, මම කියල යොදා ගන්ඩ ඕනෑ තැනට අපි කියලා යොදා ගන්නවා, එයාලා යම් යම් විශේෂ ප්‍රකාශ කරන විටදී හා මමත්වයෙන් බැහැර වීම සඳහා.

{We is used for I by sovereigns, other rulers and preachers when they issue declarations in very formal language.}

# We Ravana / Rawana, (The Great) King of Lankapura, declare our high pleasure in the service you have rendered to us.
[ලංකා පුරයේ (මහා) රාවණා රජ වන අපි (= මම), අපට (= මට) පිරිනමන ලද සේවයට, අපි (= මම) අපේ (= මගේ) ඉහළම චිත්තප්‍රසාදය ප්‍රකාශ කර සිටින්නෙමු (මි).]

(ඉහත උදාහරණය හොඳින් අධ්‍යනය කොට, පහත උදාහරණය හා ගලපා, තේරුම් ගන්න.)

# We, hereby, decree that from this day forth our subjects in that city shall enjoy special rights.

කර්තෘවරුන්, රචකයන් හා පුවත්පත් කලාවේදීන් විසින්ද, තමන්ගේ අනන්‍යතාවය හා රහස්‍යභාවය රැක ගැනීමට හා පාඨකයාගේ වඩා වැඩි අවධානයක් දිනා ගැනීම සඳහා ද මම කියල යොදා ගන්ඩ ඕනෑ තැනට අපි කියලා යොදා ගන්නවා. එසේ යොදා ගැනීම, පුවත්පත් වල දී නම් දක්නට ලැබෙන සුලබ දෙයක් වන අතර එයට සමහර අවස්ථාවන්හිදී “කර්තෘක අපි” (‘Editorial We’) කියා ව්‍යවහාර කරනවා.

{We is also used by speakers and writers in order to appear impersonal, and also make a greater impression. This is very common in the news paper articles, and sometimes called ‘the Editorial We’.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll