අතීත කෘදන්ත - 99

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Atheetha Krudantha - අතීත කෘදන්ත - Past Participles. 


අතීත කෘදන්ත අවසන්වන්නේ -ed, -t, -en, සහ -n වලිනි.
{The Past Participles ends in -ed, -t, -en, and -n.}

1. සකර්මක ක්‍රියා පදවල අතීත කෘදන්ත, කිසිදු වෙනසකින් තොරව නාම විශේෂණ යොදා ගන්නා පරිදෙන් ම භාවිතා වේ.
{The past participles of transitive verbs are used just as adjectives.}

He has no hidden faults.
ඔහුට කිසිසේත් ම ලෝකයා නො දන්නා වැරදි/දොස් නැත.

He looks frightened.
එයා (නිකං) බයවෙලා වගේ.

They are well-built houses.
ඒවා මැනවින් ගොඩනඟන ලද නිවාස.

2. සාමාන්‍යයෙන් අකර්මක ක්‍රියා පදවල අතීත කෘදන්තයන්, නාම පදවලට පෙරටුව නාම විශේෂණ පද ලෙසින් යොදා නො ගැනේ. එහෙත් යොදා ගන්නා අවස්ථා ඇත; පහත වාක්‍ය ඉන් කිහිපයකි.
{Generally the past participles of intransitive verbs are not used as adjectives before nouns. But there are exceptions, as shown in the following sentences:}

He is a known killer.
ඔහු ප්‍රසිද්ධ මිනීමරුවෙකි.

They were trained dogs.
උන් පුරුදු කරපු බල්ලො.

Mr. Bruce is a retired postmaster. …
බෲස් මහත්තයා විශ්‍රාමලත්තැපැල් ස්ථානාධිපතිවරයෙක්. ...

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll