අසම්භාව්‍ය ක්‍රියා විධිය - 88

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Asambhawya Kriya Widhiya - අසම්භාව්‍ය ක්‍රියා (ක්‍රියා)විධිය - Subjunctive Mood.


සැලකිය යුතුයි: 92 වන පාඩම හා පටලවා නොගන්න.

සරලව ම කියන්නේ නම්, අසම්භාව්‍ය ක්‍රියා විධිය මඟින් යම් ක්‍රියාවක් බලාපොරොත්තුවෙයි (හිතයි /උපකල්පනයකරයි), හෝ ප්‍රාර්ථනා කරයි / පතයි.

{Simply, the Subjunctive Mood supposes or wishes.}

A few models – උදාහරණ කිහිපයක්.

ඔයාට එන්න පුළුවන් උණොත් (අන්න එතකොට), අපි ගොඩාක් සතුටුවෙයි/සතුටුවෙනවා ඇති.
If you could come, we would be so glad.

ඔයාට ටවුන් එකට යන්ඩ වෙනවා නං, තරහ නැතුව මේක තැපැල් කරනවද?
Should you have to go to town, you might post this for me.
Should have to = (... යුතු/අවශ්‍ය) වෙනවා. You might = අනේ/තරහ නැතුව/කරුණාකර.

“මට සමහර වෙලාවට හිතෙනවා, මට කාලය ආපස්සට හරවන්න පුළුවන් උණා නං කියලා"
“Sometimes I wish I could turn back time”

Homework - ගෙදරවැඩ.

ඕනෑම තැනකදී, අසම්භාව්‍ය ක්‍රියා විධිය යොදා ගන්නා සෑම විටකම, ඒ බව හඳුනා / තේරුම් / සටහන්කර / ලැයිස්තුගතකර / ගන්න.

{Find/note/figure out Subjunctive Mood whenever/wherever it is used.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll