ක්‍රියා නාම - 100

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Kriya Nama - ක්‍රියා නාම - Gerunds.


ක්‍රියා පදයෙන් ම උපන්, මිශ්‍ර ක්‍රියාව හා සම වූ, නමුත් පැරණි ඉංග්‍රීසියෙහි වෙනස් ස්වරූපයකින් නිපන් ආකාරයක් තිබේ. මෙම ආකාරය ද අවසන්වන්නේ -ing වලින් වන අතර, ක්‍රියා පද වලට ම අයත් බැවින් එයට ක්‍රියා නාමයක් යැයි කියයි.

{There is a form of the verb exactly the same as the present participle, but derived from a different form in old English. This form also ends in -ing, and is a verbal noun, called a Gerund.}

ක්‍රියා නාමය යනු යමක් කිරීම / යමක් කරන එක වේ.
{The word Gerund means doing something.}

උදාහරණ - Examples:

Smoking causes heart attacks.
(Smoking) දුම්බීම / (Smoking) දුම්බොන එක හෘදයාබාධ වලට හේතු වේ.

Betting / drinking / stealing … is a bad habit.
ඔට්ටු ඇල්ලීම/ඔට්ටු අල්ලන එක / බීම/බොන එක / හොරකම/හොරකං කරනෙක (ආදිය) නරක පුරුද්දක්.

I like listening to singing.
මං කැමතියි/ආසයි සිංදුකීමට/සිංදුකියන එකට සවන් දීම කරන්න/සවන් දෙන එක කරන්න.

All your comings and goings are known.
ඔයාගේ ඔක්කොම (තැනකට) ඒම්-යාම් (කියුම්-කෙරුම්) රහසක් නොවේ.

Killing beings means killing your own lifespan.
සතුන් මැරීම යනු ඔබ ඔබේ ම ආයුෂ මැරීම කි.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll