අනියත නිපාත - 03

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Pradhana Neethi I - ප්‍රධාන නීති I - The Chief Rules I


නිපාත (a / an / the) භාවිතයේදී සැලකිලිමත් වියයුතු ප්‍රධාන නීති.
{The following are the chief rules as to the use of the articles.}

1. නිපාතයට පසුව එන පදය ස්වර ශබ්දයකින් පටන්ගන්නේ නම් “An” නිපාතය යෙදේ. 

උදාහරණ : An apple, an idle girl, an oval mirror …

සැලකිය යුතුයි: නාම පදය ස්වරයකින් හෝ ස්වර ශබ්දයකින් පටන් ගත්ත ද නැත ද, නාම විශේෂණ පදය (ආරම්භය) ස්වරයක් / ස්වර ශබ්දයක් වීම හෝ නොවීම මතම පදනම් වී ද “An” නිපාතය යොදන බව, දෙවන හා තෙවන (an idle girl - කම්මැලි කෙල්ලක්; an oval mirror - ඉලිප්සාකාර කැඩපතක්) උදාහරණ අනුව වටහා ගන්න. [“A” නිපාතය යෙදීමේදී ද ඉහත රීතියම / ක්‍රමයම (නාම පදය හෝ නාම විශේෂණ පදය මතම පදනම් වී) අනුගමනය කරන බව ද මතකතබා ගන්න.]

{“An” is used when the following word (Noun or Adjective) begins with a vowel sound. 
E.g. : An apple, an idle girl, an oval mirror …}

කෙටි යෙදුම්වල දී ද, මූලොච්චාරණය (එම කෙටි යෙදුම පටන්ගන්නා මුල් අකුරේ උච්චාරණය) මත පදනම්ව, "a" හෝ "an" යොදනු ලැබේ.

උදාහරණ : "a CV", "a PC” … or "an HTML", "an MP" … ("a HTML" හෝ "a MP" නොවේ.)

{For abbreviations, use either "a" or "an" depending on the pronunciation of the first letter in the abbreviation. Such as, "a CV", "a PC” … or "an HTML", "an MP" ...} 

2. Heir, honour, honourable, honest, සහ hour යනාදී පද H අකුරින් පටන් ගත්ත ද එම පදවල h අකුර ශබ්ද නොවී ම නිසා, මුල් ශබ්දය ස්වර ශබ්දයක් ගන්නා බැවින් ‘An’ නිපාතය සමඟ යෙදේ.

3. O යන ස්වර අකුරින් පටන්ගත්තද W අකුරින් මූල උච්චාරණ ශබ්දවන වදන් ඉදිරියෙන් ‘A’ නිපාතය යෙදේ.  

උදාහරණ : a one legged man, a one rupee … (න්)

{‘A’ is used before words beginning with O with the sound of W. E.g. a one legged man, a one rupee …}

4. Y අකුරින් මූල උච්චාරණ ශබ්දය ලැබුව ද U or EW අකුරුවලින් පටන්ගන්න වදන් වල මුලට යොදනුයේ ‘A’ නිපාතයයි.

උදාහරණ : A union of states, a university, a used stamp, a useful plan, a ewe …

{Also before word beginning with a Y sound but spelt with U or EW
E.g. A union of states, a university, a used stamp, a useful plan, a ewe …}

5. සංඥා නාමයක්, සර්වනාමයක් / සාමාන්‍ය සංඥා නාමයක් ලෙස යෙදෙන විටදී, ස්වර ව්‍යංජන භේදය අනුව සුදුසු ස්වරූපය ගනී. 

උදාහරණ : An hour ... An honest boy ...

{‘An’ is used before heir, honour, honourable, honest, and hour, as in these words the h is silent. As in, An hour ... An honest boy ...}

උදාහරණ : He is an Akbar and a Napoleon in one.

{‘A / An’ is used with a proper noun which has the meaning of a common noun. E.g. He is an Akbar and a Napoleon in one.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll