තුමන්ත ක්‍රියා විධිය / භාව ක්‍රියා විධිය - 89

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Thumantha Kriya / Bhawa Kriya Widhiya - තුමන්ත ක්‍රියා / භාව ක්‍රියා (ක්‍රියා)විධිය - Infinitive Mood.


තුමන්ත ක්‍රියා විධිය / භාව ක්‍රියා විධිය මඟින් සරලව ම අදාළ ක්‍රියාවේ කාලය, පුරුෂ භේදය හෝ ඒක වචනාදී භේදය සඳහන් නොකොට, අදාළ ක්‍රියාව පමණක් ම ලබා දේ.

{Infinitive Mood simply gives the verb, without indicating time, person or number, as:}

ලියන්නට (ලියන්න, ලියන්ට, ලියන්ඩ), සූදානම් වෙන්නට (...), බාර ගන්නට (...), to write, to be ready, to undertake, … ආදී ලෙසිණි.

{To write, to be ready, to undertake, …}

ක්‍රියා ධාතුව / ක්‍රියා ප්‍රකෘතිය (ක්‍රියාවක මූලික ස්වරූපය) සැබවින් ම නාම පදයක් ලෙසින් යොදාගනු ලබන ක්‍රියා පදයකි. එබැවින් අපි මෙසේ කියන්නෙමු.

{The infinitive is really a verb used as a noun. Thus we say:}

පළිගන්නවාට වඩා සමාව දෙන්නට හොඳය. (= පළිගැනීමට වඩා සමාවදීම (වඩා) හොඳය.)

{To forgive is better than to take revenge. (= Forgiveness is better than vengeance.)}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll