ආශිර්වාද ක්‍රියා විධිය - 91

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Ashirwada Kriya Widhiya - ආශිර්වාද ක්‍රියා (ක්‍රියා)විධිය - Optative Mood.


සරලව ම කියන්නේ නම්, ආශිර්වාද ක්‍රියා විධිය මඟින් යමක් මෙසේ වේවා’යි බලාපොරොත්තුවෙයි හෝ ප්‍රාර්ථනා කරයි.
{Simply, the Optative Mood hopes or wishes.}

ආශිර්වාද ක්‍රියා විධිය මඟින් අපි සාමාන්‍යයෙන් අදහස් ප්‍රකාශ කිරීමට බහුලව ම යොදා ගනුයේ ‘May’, ‘Wish’ සහ ‘Hope’ යන (උපක්‍රියා හා ක්‍රියා) පදයි.
{We widely use ‘May’, ‘Wish’ and ‘Hope’ to express ideas in Optative Mood.}

A few models – උදාහරණ කිහිපයක්.

May The Nobel Triple Gem bless you all!
ඔබ සැමට ම තෙරුවන් සරණයි! / … තුනුරුවන්ගේ පිහිටයි! / … ත්‍රිවිධ රත්නයේ රැකවරණය ලැබේවා!
May God bless you all!
ඔබ සැමට ම දේවාශිර්වාදය ලැබේවා! /… දෙවියන්ගේ පිහිටයි! / … දෙවි රැකවරණයි!

(I) wish you all the best!
සියල්ල සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!
(We) wish you a bright future!
ඔබට පැහැබර අනාගතයක් උදා වේවා!

I hope (that) you are OK.
ඔබ හොඳින් යැයි සිතමි.
We hope you will learn English grammar deeply.
ඔබ ඉංග්‍රීසි ව්‍යාකරණ මැනවින් ඉගෙනගනු ඇතැයි සිතමු.

Homework - ගෙදරවැඩ.

ඕනෑම තැනකදී, ආශිර්වාද ක්‍රියා විධිය යොදා ගන්නා සෑම විටකම, ඒ බව හඳුනා / තේරුම් / සටහන්කර / ලැයිස්තුගතකර ගන්න.
{Find/note/figure out Optative Mood whenever/wherever it is used.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll