ප්‍රථමා විභක්තිය - 21

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Prathama Wibhakthiya - ප්‍රථමා විභක්තිය - Nominative Case.


ප්‍රථමා විභක්තිය කර්තෘ-කාරක වේ. ප්‍රථමා විභක්ති කර්තෘහු නම් = I - මම / මට / මං, We - අපි / අපිට, You - ඔබ (තෝ / නුඹ) / ඔබලා (තොපි / නුඹලා) / ඔබට / ඔබලාට / ඔයා / ඔයාලා ..., He - ඔහු / එයා / මෙයා (ඕනෑම පිරිමියෙක්), She - ඇය / එයා / මෙයා (ඕනෑම ස්ත්‍රියක්), It - ඌ / මූ / අරූ / උන් / .... / ඒකා / ඒක (ඕනෑම එක් දෙයක් හෝ ඕනෑම එක් සතෙක්), They - ඔවුහු / ඔවුන්ට / ඒවා / එවුන්ට / ... සාමාන්‍යයෙන් ක්‍රියාවට ප්‍රථමයෙන්/කලින්/පළමුව කර්තෘ යෙදීම මෙම විභක්තියේ ස්වරූපයයි. (පහත උදාහරණ බලන්න.)

{The Nominative is the Subject-case. Nominatives / Subjects are = I, We, You, He (Any Male), She (Any Female), It (Any Thing or Any Animal), They. Generally the Nominative precedes the verb.}

උදාහරණ : Agriculturalists must have capital.
Guwani covered her beautiful face.

නමුත් සමහර අවස්ථාවලදී, ක්‍රියාවට පසුව කර්තෘ යොදයි.
{But there some cases where nominative is placed after the verb.}

(a) ප්‍රශ්නවාචී වාක්‍ය වලදී. (පහත උදාහරණ බලන්න.)
{In interrogative sentences.}

1.      Who is Guwani?
2.      Which was my umbrella?
3.      How dare you?

(b)   විධි ක්‍රියා වලදී. (පහත උදාහරණ බලන්න.)
{After an imperative.}

1.      Get along, you lazy fellow!
2.      Come here, Guwani.

(c.) ‘Here’ සහ ‘There’ යන පදවලට පසුව. (පහත උදාහරණ බලන්න.)
{After ‘Here’ and ‘There’.}

1.      Here comes the postman.
2.      There go crafts.

(d) Neither, Nor, Never යන පදවලට පසුව. (පහත උදාහරණ බලන්න.)
{After Neither, Nor, Never.}

1.      I am not fond of detective stories. Neither am I.
2.      We have never been to Anuradhapura. Nor have we.
3.      Never came the good ship home.

නමුදු, නිතරම පාහේ කර්තෘ යොදනුයේ, උපක්‍රියා පදය හා ප්‍රධාන කියා පදය අතරමැදටය.
{But more frequently, the subject is placed between the auxiliary verb and the main verb.}

(a) ප්‍රශ්නවාචක වාක්‍ය වලදී. (පහත උදාහරණ බලන්න.)
{In interrogative sentences.}

Where have we met before?
Why are you crying?
What is He doing there?

(b) Neither, Nor, Never යන පදවලට පසුව. (පහත උදාහරණ බලන්න.)
{After Neither, Nor, Never.}

Neither have I met him nor do I mean to.
Neither can I speak Russian nor can I read it.
Never could I have expected such good fortune.

# කර්තෘ විස්තරාර්ථව සදහන් වාක්‍ය ද, ප්‍රථමා විභක්ති වේ. (පහත උදාහරණය බලන්න.)
{Nouns are in apposition to the subject are also in the Nominative case.}

Mussolini, the dictator of Italy, has put fresh life into his countrymen.

ප්‍රථමා විභක්තියෙන් පෙනීසිටින නාම පදයක් බොහෝවිට, ඌන ක්‍රියා පදයේ ඌනපූරකය ලෙස පෙනී සිටී. (පහත උදාහරණ බලන්න.)
{A noun in the nominative case often stands as the complement of an incomplete verb.}

He has become a private secretary.
She was made headmistress. ...

# ප්‍රථමා විභක්තියෙන් පෙනීසිටින නාම පදයක් බොහෝවිට වාක්‍යංසයක් (= වාක්‍ය කොටසක්) සමඟ යෙදේ. එවිට එයට කේවල අර්ථය යැයි කියනු ලබන්නේ එය ප්‍රධාන වාක්‍යයෙන් වෙන්ව බෙදී යෙදෙන නිසාය. (පහත උදාහරණ බලන්න.)

{The noun in the nominative case is often used with a participle, in what is called an absolute sense, that is, it is separated from the main sentence.}

Weather permitting, our sports will be held on Tuesday this week.
Breakfast finished, we shall go out.

සටහන : Being tired, we rested under a tree – (අපිට) මහන්සි නිසා, අපි ගසක් යට විවේක ගත්තෙමු.
කියා කිව හැකි නමුත්,

Being rainy, we stayed at home. කියා කිව නොහැක.
මන්ද යත්, එයින් “අපි වැසි බර වූ නිසා, (අපි) ගෙදර නැවතුනෙමු.” යන වැරදි අදහස ජනිත වනවා ඇති නිසාවෙනි.

[වාක්‍යංසය හා ප්‍රථමා විභක්ති නාම පදය එකිනෙක මනාව ගැලපී යෙදිය යුතු බව හොදින් වටහා ගන්න.]

{Note : We can say : Being tired, we rested under a tree.
But we cannot say : Being rainy, we stayed at home.
[That would mean, we stayed at home because we were rainy!]}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll