ස්වකර්මවාචී සර්වනාම - 42

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Swakarmawachee Sarwanama - ස්වකර්මවාචී සර්වනාම - Reflexive Pronouns. 


උත්තම පුරුෂය හා මධ්‍යම පුරුෂය යන පුරුෂ දෙකෙහි සම්බන්ධ විභක්තියට ද, ප්‍රථම පුරුෂයෙහි කර්ම විභක්තියට ද self හා selves යන අමතර පද දෙක යෙදීමෙන් ස්වකර්මවාචක සර්වනාම සාදගැනේ.
(self = ඒක වචන, selves = බහුවචන.)

{Reflexive pronouns are formed by the addition of the word self or selves to the possessive case of the first and second personal pronouns and objective case of the third.}

එම ස්වරූපයන් නම්: Myself, ourselves, thyself, yourself, yourselves, himself, herself, itself and themselves.
(ප්‍රථමා විභක්තිය + myself = මම ම, මට ම, මගේ ම ... ;
ප්‍රථමා විභක්තිය + ourselves = අපිම, අපිට ම, අපේ ම, ... ආදී ලෙසිනි.)

{The forms are: Myself, ourselves, thyself, yourself, yourselves, himself, herself, itself and themselves.}

“Reflexive” යන වදනෙහි තේරුම නම් “(තමා වෙතම) ආපසු නැමී පැවතීම” යන්නයි, එබැවින් ස්වකර්මවාචක සර්වනාමයක් යනු, ක්‍රියාව කරන පුද්ගලයා නොහොත් කර්තෘ වෙතම එම ක්‍රියාව නැවත හැරී (බලාත්මකව) පැවතීමයි.

{The word reflexive means bending back, so a reflexive pronoun is one which is used when some action turns back on the person who does the action.}

අපි මෙසේ කියමු: {Thus we say: }

I hit myself on the elbow. - මම මගේ ම වැලමිට වද්දගත්(තෙමි.)තා.
He drew himself. - ඔහු ඔහුව ම චිත්‍රණය ක(ළේය.)ළා.
They painted themselves white. - ඔවු(හු)න් ඔවු(හුන්ම)න්ම / ඔවුනොවුන්ම සුදු පාටින් පාට කරගත්(තෝය.)තා.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll