සරල අතීතකාල ක්‍රියා - 75

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Sarala Atheethakala Kriya - සරල අතීතකාල ක්‍රියා - Past Indefinite Tense.


සරල අතීතකාල ක්‍රියා මඟින් ප්‍රකාශ කරන්නේ:
{The Past Indefinite Tense expresses:}

# අතීත ක්‍රියාවක් හෝ සිදුවීමක්.
{# A past action or event.}

I bathed in the Kalawewa yesterday - මං ඊයේ කලා වැවෙන් නෑවා.
I finished the work you asked me to do - ඔයා මට කරන්න කියපු වැඩේ, මං ඉවරකරා.
I typed the lesson No. 74 - මම 74 වෙනි පාඩම යතුරු ලිව්වා (ටයිප් කරා).
It happened right at nine - ඒක හරියට ම නවයට (ම) (සිද්ධ වුණා) උණා.

# අතීතයේදී නිතර ම සිදුවූ යම්දෙයක්.
{# Something which happened regularly in the past.}

As a student, I rose early - ශිෂ්‍යයෙක් විදිහට, මම උදෙන්ම නැගිට්ටා.
At least we had a chance a day - අඩුම තරමින් අපිට දවසකට එක චාන්ස් එකක් වත් තිබ්බා.
You read a few lessons everyday - ඔයා හැමදාම පාඩම් කීපයක් කියෙව්වා.
You were there every other day - දවසක් ඇර දවසක් ඔයා එහේ හිටියා.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll