ක්‍රියාපද - 52

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Kriyapada - ක්‍රියාපද - Verbs. 


පහත වාක්‍ය දෙස බලන්න.
{Look at the following sentences.}

a.       Chandana goes to school every day.
[චන්දන හැමදාම ස්කොලේ යයි/යන්නේය/යනවා.]

b.      A dog is barking.
[බල්ලෙක් බුර බුරා සිටී/ඉන්නවා.]

c.       The soldier fights for his country.
[සෙබලා / රණ විරුවා  තම රට වෙනුවෙන් සටන් වදියි.]

d.      Poets admire the beauty of nature.
[කවියෝ ස්වභාව සෞන්දර්යය අගයති.]

මෙම වාක්‍යයන් තුළ ඇති goes, is barking, fights, සහ admire යන වදන් ක්‍රියාවන් ගෙනහැර දක්වයි. ක්‍රියා(වන්) ප්‍රකාශ කරනු ලබන වචනවලට “ක්‍රියාපද” යැයි කියනු ලැබේ.

{In these sentences the words go, is barking, fights, and admire denote actions. Words, which express actions, are called Verbs.}

# ක්‍රියාපද, පැවැත්ම හෝ ජීවත්වීම ද කියා පායි.
{Verbs also express existence or being.}

උදාහරණ සඳහා පහත වාක්‍ය දෙස බලන්න.
{For examples, Look at the following sentences.}

a.       Elephants live longer than human beings do.
[මිනිසුන් ජීවත්වනවාට වඩා කාලයක් අලි ජීවත් වෙති.

b.      There are several hundred boys in this school.
මෙම පාසලෙහි පිරිමි ළමයි (දෙතුන්/හාර...) සිය ගණනක් ඉන්නවා.

c.       We were there for two years.
අපි එහෙ අවුරුදු දෙකක් තිස්සෙ හිටියා.

d.      I shall/will be with you by five thirty.
පහාමාර වෙනකොට මං ඔයත් එක්ක ඉන්නවා.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll