කර්මය - 54

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Karmaya - කර්මය - Object. 


යමක් කෙරෙන (යම් ක්‍රියාවකට බඳුන් වන), කෙනෙකුට හෝ දෙයකට හෝ තැනකට හෝ තත්ත්වයකට "කර්මය" කියා කියයි.

[වෙනත් කිසිවෙක්/කිසිවක් විසින් යමක්, යම් දෙයක් කරනු ලබන (=යමකට ලක්වන) “මට / මාව - me”, “අපිට / අපිව - us”, “ඔබට/ඔබව / ඔබලාට/ඔබලාව - you”, “ඔහුට / ඔහුව - him”, “ඇයට / ඇයව - her”, “ඌට/ඌව / ඒකට/ඒකාට / ඒකව/ඒකාව - it”, “ඔවුන්ට / ඔවුන්ව- them” (තොට / තෝව - thee / තොපිට / තොපිව - you) යන වදන්වලට ද; වෙනත් කිසිවෙක්/කිසිවක් විසින් යමක්, යම් දෙයක් කරනු ලබන (= යමකට ලක්වන) පුද්ගලයෙක්ට, තැනකට, දෙයකට හෝ තත්ත්වයකට ද  “කර්මය” කියා කියනු ලැබේ.]

{The person, or place, or thing, or state to which something is done is called the Object.}

I shall/will have to scold him.
Some pollute Anuradhapura inhumanly in pilgrimages.
Pass me the milk, please.
I dislike toothache.

මෙහිදී “ඔහුට”, “අනුරාධපුර”,“කිරි” හා “දත්කැක්කුම” යන වචන “කර්මය” (කර්මයන්) වේ.
{Here him, Anuradhapura, milk and toothache are the Objects in the sentences.}
       
“මට”, “අපිට”, “ඔබට/ඔබලාට”, “ඔහුට”, “ඇයට”, “ඌට/ඒකාට”, “ඔවුන්ට” (තොට/තොපිට) යන සිංහල වචන “කර්මය” ලෙස මෙන් ම, වාක්‍යයක මුලට (කර්තෘභාවයෙන්) “කර්තෘ” ලෙසින් ද  යෙදෙන බව මතකතබා ගන්න. එවිට පටලවා නොගෙන, ඒ වෙනස හඳුනාගන්න.

“කර්මය” සඳහා උදාහරණ:

I love you.
[මම ඔබට ආදරෙයි.]
You love me.
[ඔබ මට ආදරෙයි.]

“කර්තෘ” සඳහා උදාහරණ:

He has a girlfriend.
[ඔහුට පෙම්වතියක් සිටී/ඉන්නවා.]
She has a boyfriend.
[ඇයට පෙම්වතෙක් සිටී/ඉන්නවා.]

ඒක වචන කර්ම පද - Singular Objects.

They are: me, you, him, her, it and A name or A place or A thing or A state/condition (standing as an Object).

බහු වචන කර්ම පද - Plural Objects.

They are: us, you, them and Names or Places or Things or States/Conditions [standing as Objects].

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll