ද්විතීය අසම්භාව්‍ය ක්‍රියා - 95

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Dwitheeya Asambhawya Kriya - ද්විතීය අසම්භාව්‍ය ක්‍රියා - Second Conditional.


අපි ද්විතීයික අසම්භාව්‍ය ක්‍රියා වාක්‍ය යොදා ගනුයේ:
{We use Second Conditional Sentences (Second Conditional) to:}

1. අනාගතයේ දී පරිකල්පනය කරන (හිතන, කාල්පනික, සිහින දකින) දෙයක්/දේ ප්‍රකාශ කිරීමට ය. 
{Express (an) imaginary thing(s) in (the) future.

2. වර්තමානයේ දී කිසිසේත් ම කළ නොහැකි දෙයක්/දේ ප්‍රකාශ කිරීමටත් ය. 
{Express (an) impossible thing(s) in the present.}

වාක්‍ය වින්‍යාසය: If වාක්‍යාංශය + සරල අතීත කාල වාක්‍යය, + කර්තෘ + would + V1 (+ ඌන පූර්ණය).
[කර්තෘ + would + V1 (+ ඌන පූර්ණය), + If වාක්‍යාංශය + සරල අතීත කාල වාක්‍යය.]

{Syntax: If Clause + Simple Past Tense, + Subject + would + V1 (+ complement).
[Subject + would + V1 (+ complement), + If Clause + Simple Past Tense.]}

වැදගත් සටහන 1: මූලික වශයෙන්, ක්‍රියා පදයක් සතුව පහත ස්වරූප දැකිය හැක: 
1. ක්‍රියා ප්‍රකෘතිය. 2. වර්තමන කාල බහුවචන ක්‍රියාව. 3. වර්තමන කාල ඒකවචන ක්‍රියාව. 4. මිශ්‍ර ක්‍රියාව. 5. අතීත කාල ක්‍රියාව. 6. අතීත කෘදන්තය.

ඉහත ඒ ඒ ස්වරූපයට ඉංග්‍රීසියෙන් යෙදෙන සමාන වචන, ඒ ඒ ස්වරූපය ඉදිරියෙන් දක්වා ඇත.
Do යන ක්‍රියා පදය අනුසාරයෙන් අනෙකුත් ක්‍රියා පදවල ස්වරූපත් ගොඩනඟා ගන්න.

1. Infinitive - ක්‍රියා ප්‍රකෘතිය = Full Infinitive / To Infinitive / Base Form / Root - To do = කරන්න /කරන්නට / කරන්ඩ / කරන්ට.

2. Present Tense Plural - වර්තමන කාල බහුවචන ක්‍රියාව = V1 / Zero Infinitive / Bare Infinitive – Do = කරනවා.

3. Present Tense Singular - වර්තමන කාල ඒකවචන ක්‍රියාව = Third Person Singular  - ප්‍රථම පුරුෂ ඒකවචන – Does = කරනවා. (He / She does.)

4. Present Participle - මිශ්‍ර ක්‍රියාව = Looks like a Gerund - ක්‍රියා නාමයක් (ක්‍රියා නාම පදයක්) බඳුය – Doing = කරමින්, කර කර, කර කරා. [කර කර(කරා) ඉන්න / හිටිය / (අනාගතයේ)ඉන්න.]

[Gerund - ක්‍රියා නාමය - Doing = කරන එක, කරනෙක, කිරීම.]

5. Past Tense - අතීත කාල ක්‍රියාව = V2 / Past Simple – Did - කළා, කරා.

6. Past Participle - අතීත කෘදන්තය = V3 – Done = කරන ලද, කරපු.

{Important Note 1: Basically, a Verb has following forms: 1. Infinitive. 2. Present Tense Plural. 3. Present Tense Singular. 4. Present Participle. 5. Past Tense. 6. Past Participle.
Infinitive = Full Infinitive / To Infinitive / Base Form / Root - To do. 
Present Tense Plural = V1 / Zero Infinitive / Bare Infinitive – Do. 
Present Tense Singular = Third Person Singular – Does. 
Present Participle = Looks like a Gerund – Doing. 
Past Tense = V2 / Simple Past – Did. 
Past Participle = V3 – Done.}

වැදගත් සටහන 2: මෙහි දී (ද්විතීයික අසම්භාව්‍ය ක්‍රියා තුළ දී), කර්තෘ ගැන මුළුමණින් ම නොසලකා, ‘Was’ යන පදය වෙනුවට ‘Were’ යන පදය යොදා ගත හැකි අතර - එසේ යොදා ගැනීම ද ව්‍යාකර්ණානුකූලව (ඉතා ම) නිවැරදි භාවිතය කි.

{Important Note 2: Here in the Second Conditional, we use ‘Were’ instead of ‘Was’ in spite of the Subject, and it is a grammatically correct use too.}

A few models - උදාහරණ කිහිපයක් – 1.
(Would = ...වා ඇති / ...වා / ...වානි / ...යි / ...වි)

මම පෝසත් උණොත්, මං කාර් එකක් ගන්නවා ඇති.
If I were rich, I would buy a car.
මං කාර් එකක් ගන්නවා ඇති, මම පෝසත් උණොත්.
I would buy a car if I were rich.

අපි පළමු තරඟය දිනුවොත්, අපි පිටරට සංචාරය කරනවා.
If we won the first match, we would travel abroad.

එයාලා එහෙ(ට) ගියොත්, එයාලට එයා හම්බෙනවා.
If they went there, they would meet her.

මං මීට වඩා කලින් නැගිට්ටා නං, මං බස් එක අල්ලගන්නවානි.
If I got up earlier, I would catch the bus.

ඇය චපල නොවුණා නං, ඔහු ඇයට ආදරය කරනවානි.
If she were not treacherous, he would love her.

A few models - උදාහරණ කිහිපයක් – 2.

එයා මෙතන හිටියා නං, එයා ඒක කරයි.
If she/he were here she/he would do it.
එයා ඒක කරයි, එයා මෙතන හිටියා නං.
She/He would do it if she/he were here.

එයාගේ ඊ මේල් එක මං ළඟ තිබ්බ නං, මං එයාට ඊ මේල් කරාවි.
If I had her email, I would email her.

මං ඔයා උණා නං, මං මේක නොබොනවා ඇති.
If I were you I would not drink this.

එයාට සල්ලි තිබ්බ නං, එයා ඔයාව නොරවට්ටනවා (රවට්ටන් නැතුව ඉන්නවා) ඇති.
If she/he had money, if she/he would not cheat you.

මං ඔයා උණා නං, මං එයාට ඒ වෙලාවෙම සමාව දෙනවා.
If I were her I would forgive him right away.

Homework - ගෙදරවැඩ.

ඕනෑම තැනකදී, ද්විතීයික අසම්භාව්‍ය ක්‍රියා වාක්‍ය යොදා ගන්නා සෑම විටකදී ම, ඒ බව හඳුනා / තේරුම් / සටහන්කර / ලැයිස්තුගතකර ගන්න.

{Find/note/figure out Second Conditional, whenever/wherever it is used.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll