කලින් කළ වරනැඟීම මත යොදන සටහන - 120

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Kalin Kala Waranangeem Matha Yodana Satahana - කලින් කළ වරනැඟීම මත යොදන සටහන - Note on the Conjugation. 


[කලින් කළ වරනැඟීම = පාඩම් අංක 108 (සිට)]

Thou (තෝ / තා / නුඹ) කර්තෘ ලෙසින් ආරම්භ වන මධ්‍යම පුරුෂ ඒකවචන වාක්‍ය රටා සහ -eth යන්නෙන් අවසාන වන ප්‍රථම පුරුෂ ඒකවචන සරල වර්තමානකාල වාක්‍ය රටා, තවදුරටත් භාවිතා නොකරනු ලබන පැරණි වාක්‍ය රටා ය. Thou කර්තෘ ලෙසින් ආරම්භ වන වාක්‍ය රටා වන, මධ්‍යම පුරුෂ ඒකවචන වාක්‍ය රටා වෙනුවට, මධ්‍යම පුරුෂ බහුවචන වාක්‍ය රටා ම යොදාගන්නා අතර, -eth යන්නෙන් අවසාන වන ප්‍රථම පුරුෂ ඒකවචන සරල වර්ත්මනකාල වාක්‍ය රටා වෙනුවට, අපි දැන් -s හෝ -es වලින් අවසාන වන වාක්‍ය රටා යොදා ගන්නෙමු.

{The Second Person Singular forms which begin with Thou, and Third Person Singular of the Present Indefinite ending in -eth, are old forms which are no longer used. Instead of the forms beginning with Thou, we use the Second Person Plural for the Second Person Singular. And instead of the form ending in -eth, we now use the forms ending in -s or -es.}

කලින් සඳහන් කළ පරිදි,

Thou teachest වෙනුවට You teach,

He teacheth වෙනුවට He teaches,

He cometh වෙනුවට He comes, ආදී ලෙසින් අපි කියන්නෙමු.

{Thus instead of Thou teachest, He teacheth (He cometh) etc., we say You teach, He teaches (He comes) etc.}

ව්‍යවහාරයේ පවත්නා අසම්භාව්‍ය ක්‍රියාවිධි ස්වරූපයන් (රටා), ත්‍රෛකාලික ක්‍රියාවිධි රටා හා සමාන ය. එබැවින්:

{In the Subjunctive Mood the colloquial forms are the same as those of the Indicative. Thus:}

Older forms
Modern forms
ඉපැරණි (ඉංග්‍රීසි / සිංහල) රටා / ආකාර
නවීන (ඉංග්‍රීසි / සිංහල) රටා / ආකාර
If thou loveIf you love
තෝ / තා / නුඹ සෙනෙහස දක්වන්නේ නම්ඔබ / ඔයා සෙනෙහස දක්වන්නේ නම්
If he loveIf he loves
ඔහු / එයා ඇල්ම දක්වන්නේ නම්ඔහු / එයා කැමැත්ත දක්වන්නේ නම්
If I be lovingIf I am loving
මම / මං ස්නේහය දක්වමින් ඉන්නේ නම්මම / මං සනහස දක්වමින් ඉන්නේ නම්
If thou be lovingIf you are loving
තෝ / නුඹ නුරාව දක්වමින් ඉන්නේ නම්
ඔබ / ඔයා ඇලීම් දක්වමින් ඉන්නේ නම්
If he be lovingIf he is loving
ඔහු / එයා අනුරා දක්වමින් ඉන්නවා නම්ඔහු / එයා ඇළුම් දක්වමින් ඉන්නවා නම්
If thou lovedstIf you loved
තෝ / තා / නුඹ පෙම දැක්වූයේ නම්ඔබ / ඔයා ප්‍රේමය දැක්වූවා නම්
If thou wert lovingIf you were loving
තා / නුඹ ආදරය දක්වමින් සිටියා නම්ඔබ / ඔයා ආලය දක්වමින් සිටියා නම්
If thou wouldst be lovingIf you would be loving
නුඹ සෙනෙහෙ දක්වමින් ඉන්නවා ඇති නම්ඔයා ස්නේහය දක්වමින් ඉන්නවා ඇති නම්

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll