අනියතවාචී සර්වනාම - 47

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Aniyathawachee Sarwanama - අනියතවාචී සර්වනාම - Indefinite Pronouns. 


සමහර වචනවලට “අනියතවාචී සර්වනාම” යැයි කියන්නේ, ඒවා සාමාන්‍යයෙන් ජීවීන් හා අජීවී දේවල්වලට ද අදාලව අනෙක් ප්‍රධාන සර්වනාම (38, 39 සහ 40 පාඩම් නැවත බලන්න) ලෙසින්ම අනියතව (නියතයක් නොමැතිව) යොදන නිසාවෙනි.

“අනියතවාචී සර්වනාම” ලෙස හැඳින්වෙන්නේ :- One - එක්කෙනෙක් / එක්දෙයක්, none - කවුරුත්ම නෑ / මොකුත්ම නෑ, another - තවකෙනෙක් / තව දෙයක්, such - එවැනි (කෙනෙක්) / එවැනි (දෙයක්), any - ඕනෑම කෙනෙක් / ඕනෑම දෙයක්, many - බොහෝ (දෙනෙක්) / බොහෝ (දේවල්), some - සමහරෙක් / සමහරු / සමහර දේවල්, all - හැමෝම / ඔක්කොම, few - ටික... දෙනෙක් / ටිකා...ක් / නැති තරම්, enough - ඇති තරං අය / ඇති තරං දේවල්, සහ both - දෙදෙනෙක් / දෙකක්, යන ඒවා ය.

{Some words are called Indefinite Pronouns, because they refer to persons or things in a general way like other main pronouns (Look back Lessons 38, 39 and 40). They are : One, none, another, such, any, many, some, all, few, enough and both.}

එමෙන්ම ඉහත අනියතවාචී සර්වනාම වලම සමාස [= පද දෙකක් (හෝ කිහිපයක්) එකතුකර සැකසූ] පද වන : - Anybody - ඕනෑම කෙනෙක් / කවුරු හරි කමක් නෑ, anyone - ඕනෑම කෙනෙක් / කවුරු හරි කමක් නෑ, anything - ඕනෑම දෙයක් / මොකක් හරි කමක් නෑ; everybody - හැම කෙනෙක්ම / හැමෝම / ඔක්කොමලා, everyone - හැම කෙනෙක්ම / හැමෝම / ඔක්කෝමලා, everything - හැමදෙයක්ම / හැමදේම / ඔක්කොම; nobody - කිසිවෙක්/කවුරුත් නොවේ / කවුරුත්ම නෑ, no one - කිසි කෙනෙක් නොවේ, nothing - කිසි දෙයක් නොවේ / කිසිවක් නොවේ;   somebody - කවුරු හරි / කෙනෙක්, someone - එක්කෙනෙක් / කිසිවෙක් / කවුරු හරි (කෙනෙක්), something - දෙයක් / යම් දෙයක් / මොකක් හරි (දෙයක්), යන ඒවා ද (“අනියතවාචී සර්වනාම ම”) වේ.

{Also compounds of the above : Anybody, anyone, anything; everybody, everyone, everything; nobody, no one, nothing;   somebody, someone, something.}       

භාවිත උදාහරණ  I - Examples of use – I

[දැනට, ඔබ උදාහරණ තේරුම් ගැනීමට උත්සහ කරන්න. අපි ඒවා පසුව පරිවර්තනය කොට පළකරන්නෙමු. පාඩම් 250කින් පසුව, ඔබට ද තනිව ම වුවද තේරුම්ගත හැකිවනු ඇත.]

One must do one’s best.
No one can tell what may happen.
One must be careful what one says. (Not: what he says.)
None in the family was taken ill (= not one).
None of the passengers was/were seasick. .
This pencil is blunt; please lend me another.
Others may say what they like; I don't care.
Such is not the case.
Any will do; any you like.
Will you have a cup of coffee?
Thanks, I am not allowed to have any.
Many were present, but none I knew.
Some prefer tennis to cricket.
Do have you any Afghan stamps?
Some, not many.
Are we all here now?
All is/are not required.
Very few were present at the meeting.
Do you have enough to do?
Both are to blame.

භාවිත උදාහරණ  II - Examples of use – II

[දැනට, ඔබ උදාහරණ තේරුම් ගැනීමට උත්සහ කරන්න. අපි ඒවා පසුව පරිවර්තනය කොට පළකරන්නෙමු. පාඩම් 250කින් පසුව, ඔබට ද තනිව ම වුවද තේරුම්ගත හැකිවනු ඇත.]

Has anybody (anyone) ever really seen a ghost?
You may have anything you need. I
Everybody (everyone) is talking about it with everybody else.
Is everything included in the account?
Who he is and where he goes, nobody cares and nobody knows.
Nothing was ever discovered about the way he died.
Somebody (someone) will have to answer for this.
Something will have to be done in this matter.

පහත උදාහරණ දෙකෙහි  “Somebody else (Someone else)” යන්න තුළ ඇති else (= වෙන / වෙනත් / හැර) යන වදන දෙස බලන්න, Somebody else (Someone else) යන්න ද අනියත සර්වනාමයකි. එහි [Somebody else (Someone else)] තේරුම ‘වෙනත් කවුරු හරි’යන්නයි.

{Note that else in the expression Somebody else (Someone else) is also an Indefinite Pronoun (somebody other).}

උදාහරණ  - Examples.

[දැනට, ඔබ උදාහරණ තේරුම් ගැනීමට උත්සහ කරන්න. අපි ඒවා පසුව පරිවර්තනය කොට පළකරන්නෙමු. පාඩම් 250කින් පසුව, ඔබට ද තනිව ම වුවද තේරුම්ගත හැකිවනු ඇත.]

Someone else must come and look after this child.
If I am not back in time, let somebody else take my place.

Ø      මෙම (මෙතෙක් සඳහන් කළ) අනියතවාචී සර්වනාම අතරින් සෑහෙන ප්‍රමාණයක් ‘අනියතවාචී නාමවිශේෂණ’ පද ලෙසින් ද භාවිතා කෙරේ. ඒවා නම් : One, another, other, such, any, many, some, all, few, enough සහ both වේ.

{Of these Indefinite Pronouns a number are used as indefinite adjectives. They are : One, another, other, such, any, many, some, all, few, enough and both.}

භාවිත උදාහරණ  - Examples of use.

[දැනට, ඔබ උදාහරණ තේරුම් ගැනීමට උත්සහ කරන්න. අපි ඒවා පසුව පරිවර්තනය කොට පළකරන්නෙමු. පාඩම් 250කින් පසුව, ඔබට ද තනිව ම වුවද තේරුම්ගත හැකිවනු ඇත.]

One man may be as effective as a Committee.
Please give me another envelope.
Other people have holidays; why shouldn’t I?
Such conduct hardly gentlemanly.
Any kind of pen will do.
I have had many pets.
Some beggars are really deserving.
All snakes are not venomous.
I have seen few giraffes.
I hope they gave you enough bedclothes.
Both men were badly hurt.

Ø      පහත “Many a” යන යෙදුම දෙස උවමනාවෙන් බලන්න. “Many a”යන්නට පසුව යොදනුයේ ඒකවචන නාමපදයක් වුව ද, ඉන් අදහස් වන්නේ බහුවචන අරුතක් බව වටහාගන්න.

{Note the expression many a.}

උදාහරණ  - Examples.

[දැනට, ඔබ උදාහරණ තේරුම් ගැනීමට උත්සහ කරන්න. අපි ඒවා පසුව පරිවර්තනය කොට පළකරන්නෙමු. පාඩම් 250කින් පසුව, ඔබට ද තනිව ම වුවද තේරුම්ගත හැකිවනු ඇත.]

Many a man has failed where you succeeded (Many a man has = many men have).
I have toothache many and many a time (many and many a = very often).

Ø      Few = නැති තරම්.
Few = hardly any.

Ø      A few = තරමක්, නමුත් ගොඩාක් නොවේ; (ටිකක්, කිහිපයක්).
A few = some, but not many.

Ø      Not a few = සෑහෙන ප්‍රමාණයක් / සැලකිය යුතු ප්‍රමාණයක්; (“හොඳ ගාණක්”).
Not a few = a good number.

උදාහරණ  - Examples.

He has few friends - ඔහුට යාළුවෝ නැති තරම්ය. (එත්, එක්කෙනෙක් දෙන්නෙක් විතර ඉන්නවා.)

He has a few friends (= several) - ඔහුට යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. (නමුත් ගොඩ දෙනෙක් නොවේ.)

Not a few such birds have been seen lately - ඒ වගේ කුරුල්ලෝ සෑහෙන ප්‍රමාණයක් ඊයේ පෙරේදා නං දකින්ඩ ඉදලා තියනවා.

Few, A few, Not a few යන අනියත නාමවිශේෂණ සමඟ බහුවචන නාමපද යොදා ගන්නා බව දැක්කද? හොඳින් බලන්න.

{Note that nouns are used with These (Few, A few and Not a few) Indefinite Adjectives are plural in form.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll