ඉංග්‍රීසි හෝඩිය - 01

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Ingreesi Hodiya - ඉංග්‍රීසි හෝඩිය - English Alphabet.


ඉංග්‍රීසි හෝඩියෙහි අකුරු 26කි. ඒවා “ස්වර” හා “ව්‍යංජන” වශයෙන් කොටස් 2කි. ස්වර - A, a; E, e; I, i; O, o; U, u (Y, y). අනෙකුත් අකුරු ව්‍යංජන වේ.

{There are twenty-six letters in the English Alphabet; A, a; E, e; I, i; O, o; U, u (and Y, y) are called “Vowels” and the rest are “Consonants”.}

ඉංග්‍රීසි හෝඩිය, ඉංග්‍රීසි හෝඩියේ අකුරු සිංහලෙන් ශබ්ද කළයුතු ආකාරය හා එහි සාමාන්‍ය සිංහල / *ඉංග්‍රීසි ශබ්ද නියෝජනය.

{English Alphabet, English Capital & Simple letters with their pronunciations & representation in Sinhalese / English.}

01. A a - එ’යි (එ / ඒ) - අ, ආ, ඇ, ඈ - (vowel - ස්වරය)
02. B b - බී - බ් - (consonant - ව්‍යංජනය)
03. C c - සී - ච් / ක්, ස් - (consonant - ව්‍යංජනය)
04. D d - ඩී - ඩ් - (consonant - ව්‍යංජනය)
05. E e - ඊ - ඇ, ඈ, ඉ, ඊ, එ, ඒ - (vowel - ස්වරය)
06. F f - එෆ් - ෆ් - (consonant - ව්‍යංජනය)
07. G g - ජී - ග් - (consonant - ව්‍යංජනය)
08. H h - එයිච් / හෙයිච් (එච් / හැයිච්) - හ් - (consonant - ව්‍යංජනය)
09. I i - අයි - ඉ, ඊ - (vowel - ස්වරය)
10. J j - ජෙයි (ජෙ / ජේ) - ජ්‍ - (consonant - ව්‍යංජනය)
11. K k - කෙයි (කෙ / කේ) - ක් - (consonant - ව්‍යංජනය)
12. L l - එල් - ල් - (consonant - ව්‍යංජනය)
13. M m - එම් - ම් - (consonant - ව්‍යංජනය)
14. N n - එන් - න් - (consonant - ව්‍යංජනය)
15. O o - ඔ’ව් (ඔ / ඕ) - *අ / ඔ, ඕ - (vowel - ස්වරය)
16. P p - පී - ප් - (consonant - ව්‍යංජනය)
17. Q q - කියූ (කිව් / කියු) - ක් - (consonant - ව්‍යංජනය)
18. R r - ආර් - ර් - (consonant - ව්‍යංජනය)
19. S s - එස් - ස් - (consonant - ව්‍යංජනය)
20. T t - ටී - ට්, ත්, (ථ්) - (consonant - ව්‍යංජනය)
21. U u - යූ (යු) - *අ / උ, ඌ - (vowel - ස්වරය)
22. V v - වී - ව් - (consonant - ව්‍යංජනය)
23. W w - **ඩබ්ල්යූ - (ඩබ්ලිව්) - ව් - (consonant - ව්‍යංජනය)
24. X x - එක්ස් - ක්‍ස් - (consonant - ව්‍යංජනය)
25. Y y - වයි - ය් - (vowel / consonant - ස්වරය / ව්‍යංජනය)
26. Z z - zසෙඩ් / zසී - (ඉzසෙඩ් / ඉzසඩ් නොවේ) - zස් - (consonant - ව්‍යංජනය)

*ඉංග්‍රීසි ශබ්ද ලෙස පමණක් යෙදේ. * - O = Owl - ව්ල්; ..., * - U - Uncle - oකල්; ...

{*Used only in English sounds.}

**W අකුරේ ශබ්දය තුළ මෙන්, ඔබේ පහසුව තකා මාත්‍රා*** යෙදෙන සෑම තැනකම මාත්‍රා නොසලකා හැර ඇත.

{**As here, for your convenience, Syllables*** are ignored, wherever they may present.}

A = ලොකු අකුර - CAPITAL / Capital Letter / UPPERCASE.
a = පොඩි අකුර - simple letter / small letter / lowercase.

වැදගත් සඳහන: රට, පළාත, ජන වර්ගය ආදියට අනුව ශබ්දෝච්චාරණ වෙනස්විය හැක.

{Important Note: Pronunciations can vary / differ according to country, region, race, etc.}

වැඩිදුර - Advanced.

***මාත්‍රා යනු, අකුරක / වචනයක ඇති ස්‌වර ශබ්ද මත ගණනය කරනු ලබන භාෂා විද්‍යාත්මක ඒකක යි. අකුරක් / වචනයක් කීමේදී / ඇසීමේදී, කථකයා (කියන්නා) සහ ශ්‍රාවකයා (අසන්නා) විසින් එක් ශබ්දයක් ලෙස සලකා ගන්නා නමුත්, අවිඥානිකව හා භාෂා විද්‍යාත්මකව විරාම මාත්‍රයක් (ඉතා කුඩා නැවතීමක්) යෙදෙන තැන්. 
[පහත උදාහරණ 1, 2, 3 බලන්න.]

{Syllables*** = Linguistic Units which are counted based on vowel sounds in a letter or word, where you pause Unconsciously & Linguistically Just A Little Bit, although speaker and the listener reckon as a whole / single sound.}

**(හරි නං) W අකුර දැක්විය යුත්තේ = ’ඩබ්/(බ)ල්යූ \ ලෙස හෝ \ ’ඩ-බ-ල්ය්,ඌ \ ලෙස හෝ \’ඩ-බල්,යූ \ ලෙසිනි. …

{W = ’dab(a)lyuu OR ’da-ba-ly,uu OR ’da-bal,yuu. …}

උදාහරණ 1 : Love = love = ලව් යන පදයේ එක් මාත්‍රාවකි.

{E.g. 1 : Love = love. (One Syllable)}

උදාහරණ 2 : Mother කියන වචනයේ භාෂා විද්‍යාත්මක බෙදීම, ම-ද(ර්) යනුවෙනි. මද(ර්) යන පදයේ / වචනයේ මාත්‍රා 2කි.

{E.g. 2 : Mother = mo-ther. (Two Syllables)}

උදාහරණ 3 : Syllable කියන වචනයේ භාෂා විද්‍යාත්මක බෙදීම, සි-ල-බල් යනුවෙනි. සිලබල් යන පදයේ මාත්‍රා 3කි. ආදී ලෙසිනි ...

{E.g. 3 : Syllable = sy-lla-ble. (Three Syllables) …}

මාත්‍රා බෙදීම දැක්වීමට කෙටි ඉර (-) භාවිතා කොට ඇත.

{Syllable is divided by Hyphen.}

Homework - ගෙදර වැඩ.

ඉංග්‍රීසි කෙටි (හ්‍රස්ව) ස්වර හා දිගු (දීර්ඝ) ස්වර පිළිබඳ පැවරුමක් ලියන්න.

{Write an assignment of Short (Vowels) and Long Vowels.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll