"මෙයි" සහ "මයිට්" යන ක්‍රියා පද - 149

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

May Saha Might Yana Kriyapada - මෙයි සහ මයිට් යන ක්‍රියා පද - The Verbs May & Might. 


1. May and Might have no infinitive mood, participles, or gerund, and so they are called Defective. They carry the meaning of being allowed or being possible.

මේ (May) සහ මෛට් (Might) සතුව තුමන්ත (භාවක්‍රියා) ක්‍රියා විධියක්, කෘදන්තයන් හෝ ක්‍රියා නාමයක් නැත. එබැවින් ඒවාට [මේ (May) සහ මෛට් (Might) සඳහා] අසම්පූරක කියා කියනු ලැබේ. මේ (May) සහ මෛට් (Might) යෙදුම්වලින් අදහස් කරන්නේ ඉඩ දෙනවා/හරිනවා (ඉඩ තියනවා) හෝ හැකියි (හැකියාව ඇත) යන්නයි.

Thus He may go has two meanings : —
එසේ හෙයින්, He may go යන වාක්‍ය සතුව අර්ථ දෙකක් ඇත.

(a) He is allowed to go. [ඔහුට යන්ඩ (ඉඩ) දෙනවා.]
ඔහුට යන්න ඉඩ අරිනවා. (ඔහුට යන්න ඉඩ-අවකාශ-නිදහස ඇත.)
ඔහු(ට) යන්නට ඉඩ තියෙනවා. (ඔහුට යන්නට ඉඩ-අවකාශ-නිදහස තිබේ.)

(b) It is possible that he will go.
'ඔහු යයි/යාවි' කියන එක සිදුවිය හැක. (ඔහුගේ යෑම අනාගතයේ දී සිදු විය හැක.)

2. The interrogative May he go? means “Is he allowed to go?
ප්‍රශ්නවාචකය වන May he go? යන්නෙන් අදහස් කරනුයේ ඔහු(ට) යන්නට ඉඩ තියෙනවා ද? (ඔහුට යන්න අවකාශ ඇත්ද?) යන්නයි.

3. Sometimes, by way of politeness, might is used for may.
සමහර වෙලාවට (වෙලාවකට / විටෙක / බාගවිට / බාගදා), ආචාරසම්පන්න වීම් වශයෙන්, මේ (May) වෙනුවට මෛට් (Might) යොදා ගැනේ.

Might I borrow your pen for a moment?
ඔයාගෙ පෑන ටිකකට (පොඩ්ඩකට / චුට්ටකට) ගන්න ද යාළු (හලෝ / සුදූ)?

4. It is important to note that although might is the past tense of may it is now generally used in a future sense.

මෛට් (Might) යනු, මේ (May) හි අතීත කාලය වුව ද, දැන් සාමාන්‍යයෙන් මෛට් (Might) යොදා ගනුයේ අනාගත කාලය හැඟවීමට බව මතක තබා ගැනීම වැදගත්.

We might meet your uncle there.
අපිට ඔයාගේ මාමව මුණ ගැහෙන්න ඉඩ තියෙනවා එහෙදී. [මෙම වාක්‍යයන් අනාගතය අදහස් කරයි.]
අපිට ඔයාගෙ මාමා හම්බවෙන්න පුළුවන් (= ඉඩ තියෙනවා) එතැනදී. [අනාගත කාලය අදහස් කරයි.]

5. Might is also used in a persuasive sense, or in mild reproof.
(තමා වෙත තවත් කෙනෙකු/අය) නම්මවා ගැනීමේ හෝ (තවත් කෙනෙකුගේ/අයගේ) සිත නොරිදෙන විවේචනය/අකමැත්ත හැඟවීමට ද මෛට් (Might) යොදා ගැනේ.

You might just help me with this sentence.
මේ වාක්‍ය හදන්න/තේරුම් ගන්න විතරක් මට ඔයා උදව් කරන්න (උදව් කරනවාද?).

You might have told me yesterday.
ඔයා මට ඊයෙ සමහර විට කියන්නත් ඇති.

6. In practice the past tense of May is may have or might have, implying possibility.
ප්‍රායෝගික භාවිතයේ දී, මේ (May) හි අතීත කාලය, හැකිබව අදහස් කරන, මේ හැව් (may have) හෝ මෛට් හෑව් (might have) වේ.

They may have gone by the short cut.
එයාලා (බොහෝ දුරට / ගොඩක් වෙලාවට) කෙටි පාරෙන් යන්න ඇති.

You might have met my cousin there.
ඔයාට (සමහර විට / ඇතැම් විට) එහිදි මගෙ නෑනා/මස්සිනා/නෑයා මුණ ගැහෙන්නැති (මුණ ගැහෙන්න ඇති).

Homework - ගෙදරවැඩ.

Insert may or might in the following blank spaces (—).
පහත හිස්තැන්වලට may හෝ might ඇතුළත්/ඇතුළු කරන්න.

1. — I ask your name? (polite form).
මම ඔයාගේ නම අහන්න ද? (ආචාරශීලී විධිය).
මම ඔයාගෙන් ඔයාගෙ නම අහන්න ද? (ආචාරශීලී විධිය).

2. I — possibly go there on Sunday.
බාග වේලාවට ඉරිදට මං එහෙ යන්න ඉඩ තියෙනවා.

3. You — help me with this bit of parsing.
මේ ටික ව්‍යාකරණානුකූලව විග්‍රහ කරන්න මට පොඩ්ඩක් උදව් වෙනවද? (උදව් වෙන්න).

4. When — I call?
කවද්ද / කීයට ද (කවදා වගේ ද / කීයට වගේ ද) මං කතා කරන්න ඕන? (ඇමතුමක් ලබා දෙන්න සුදුසු?)

5. What — he have said to you?
එයා ඔයාට මොනා / මොනවා කියන්න ඇද්ද? / ඇත්ද? / ඇති ද?

6. We — have to pay more than you thought.
ඔයා හිතුවට වැඩිය අපිට ගෙවන්න වෙනවා වෙන්න පුළුවන්.

7. — I have a holiday today?
මට අද නිවාඩුවක් (නිවාඩු දිනයක්) ලබා දිය හැකි ද?

8. The postman — be here any moment now.
දැන් පියන් ඕනෑම මොහොතක මෙහෙට එන්න ඉඩ තියනවා.

9. Be careful with that knife. You — cut yourself.
ඒ/අර පිහිය ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න. කැපෙයි.

10.  If we — go to see that film we should be very glad.

අපි හුඟක් සතුටු විය යුතුයි, අපිට ඒ චිත්‍රපටය බලන්න යන්න පුළුවන් නම්.
අපි ඒ චිත්‍රපටය බලන්න යනවා නං, (අපිට) හුඟාක් සතුටු හිතෙයි.
අපි හුඟක් සතුටු වෙන්න ඕන, අපිට ඒ චිත්‍රපටය බලන්න යන්න පුළුවන් නං.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll