ප්‍රභේදවාචී සර්වනාම - 48

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Prabhedawachee Sarwanama - ප්‍රභේදවාචී සර්වනාම - Distributive Pronouns. 


ඒවා (ප්‍රභේදවාචී සර්වනාම) නම් : Each, either, සහ neither යන පද වේ. ‘Distributive’යන්නෙහි තේරුම නම් ‘එක වෙලාවකට/වරකට එකක්’යන්න යි. මෙම සර්වනාම (Each, either, සහ neither) තුනම ඒකවචන ක්‍රියාපදයක් ම ගනී; ඒකවචන ක්‍රියාපදයක් සමඟ ම යෙදේ.

{These are: Each, either, and neither. Distributive means: taken one at a time.) Each of these three pronouns takes singular verb.}

§   කතා බහේ දී (සංවාදවල දී), මෙම (ඒකවචන ක්‍රියාපදයක් ම ගැනීමේ) නීතිය, නිතර නිතර පාහේ උල්ලංඝනය කරන අවස්ථා ඔබට ඇසෙනු ඇත. වෙන දෙයක් තබා, සුප්‍රසිද්ධ රචකයෙක් වන ලෝර්ඩ් චෙස්ටර්ෆීල්ඩ් පවා මෙසේ ලිව්වේ ය: ‘Each of these verses have five feet.’

{You will frequently hear this rule broken in conversation. Even a famous writer, Lord Chesterfield, wrote :  ‘Each of these verses have five feet.’}

§   ඒවගේම තමයි, මෙසේ කීම ද වැරදිය, ඒ කෙසේද යත් : ‘Neither of the batsmen have yet reached their century.’ නූතන සාහිත්‍යයේ, මෙවැනි සදොස් තැන් සුලබ දසුනකි.

{Similarly, it is wrong to say: ‘Neither of the batsmen have yet reached their century.’ In modern literature, mistakes of this kind are very common.}  

භාවිත උදාහරණ  - Examples of Use.

[දැනට, ඔබ මෙම පිටුවේ ඇති, සිංහලට පර්වර්තනය නොකරන ලද සියලුම උදාහරණ තේරුම් ගැනීමට උත්සහ කරන්න. අපි ඒවා පසුව සිංහලට පරිවර්තනය කොට පළකරන්නෙමු. දැන් හෝ පාඩම් 250කින් පසුව, ඔබට ද තනිව ම වුවද, මෙහි ඇති සෑම උදාහරණයක් ම තේරුම්ගත හැකිවනු ඇත / නොඅනුමානය.]

Each of these books has over a thousand pages. 
Neither of the batsmen has yet reached their century. 
Those officials have over seven hundred rupees a month each. 
Each has his own place marked out for him. 
Either of the plans is workable. 
Neither of us knows anything about the matter.

§   සමහරක් වෙලාවට ‘Each’කියන එකේ තේරුම ‘හැම එක්කෙනාම / හැම එක්කෙනෙක්ම / හැමෝටම’ කියන එකයි; තවත් වෙලාවකට එයින් අදහස් වෙන්නේ ‘දෙන්නම / දෙකම’ කියන අදහසයි.

භාවිත උදාහරණ  - Examples of Use.

Each has to bring his own food. 
I will have each or neither.    

{Each sometimes means everyone; sometimes both.}  

§   මෙම ප්‍රභේදවාචී සර්වනාම (Each, either, සහ neither) තුනම, ‘ප්‍රභේදවාචී නාම විශේෂණ’ ලෙස ද යොදා ගැනේ.

භාවිත උදාහරණ  - Examples of Use.

Each batsman wears a pair of pads. 
I gave nine rupees to each coolie. 
He has a wart on either hand. 
Neither boy is looking good.

{Each, either, and neither are also used as ‘Distributive Adjectives’.} 

§   මෙම වාක්‍ය දෙස බලන්න; They received a hundred rupees each – (ඔවුන්) හැමෝටම/හැම එක්කෙනෙක්ටම රුපියල් සීය බැගින්/ගානේ ලැබුණා. මෙහි ‘each’ යනු, ක්‍රියා විශේෂණ පදය යි.

{Look at this sentence : They received a hundred rupees each. Here ‘each’ is an adverb.}
 

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll