අනාගතකාල පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා - 84

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Anagathakala Paripoorna Akhanda Kriya - අනාගතකාල පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා - Future Perfect Continuous Tense.


අනාගතයේ දී හෝ අනාගතයේ යම් (නිශ්චිත හෝ අවිනිශ්චිත) කාල පරාසයක් තුළ දී, දිගින් දිගට ම (නිතර, නිතර නිතර, ආදී ලෙසින්) (යම් ක්‍රියාවක්) කරලා තියෙයි, යන බව ප්‍රකාශ කරන්නේ අනාගතකාල පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා මඟින් ය.

[ > කරමින්/කර කර ඉදලා තියේවි/තියෙයි < වාක්‍ය. ]

{The Future Perfect Continuous Tense denotes that something will have done continually (often, frequently, etc.) in the future or in a (certain or uncertain) future period (of time)}

උදාහරණ කිහිපයක් - A Few Models.

I will have been teaching English on the Web.
මම අන්තර්ජාලයේ ඉංග්‍රීසි උගන්වමින් ඉදලා තියේවි (තියෙයි).

He/She will have been (will has been) learning English on the Web.
එයා (ඔහු/ඇය) අන්තර්ජාලයේ ඉංග්‍රීසි ඉගනගනිමින් ඉදලා තියේවි.

We will have been creating an English website.
අපි ඉංග්‍රීසි වෙබ්අඩවියක් නිර්මාණය කරමින් ඉදලා තියෙයි.

අපි එසේ කරමින් ඉදලා තියේවියි හිතන ක්‍රියාවේ, කාල පරාසය ප්‍රකාශ කිරීමට හෝ අවධාරණය කොට පැවසීමට අවශ්‍ය වන විට, for, since,  before, from යනාදී අව්‍ය පද ද, (නිශ්චිත හෝ අවිනිශ්චිත) අනාගත කාලයක් / කාල පරාසයක්/ප්‍රකාශයක් ද භාවිතා කරන්නෙමු.

{When we want to express/stress the period [(of time) (of the action)], we use prepositions “for”, since, before, from, etc. and a (certain or uncertain) future time / period / expression.}

දැන් එවිට, පළමු උදාහරණම මෙසේ වෙනස් වේ :
{Now then, the same Models become:}

I will have been teaching English on the Web for years. …
මම අන්තර්ජාලයේ අවුරුදු ගාණක් තිස්සේ ඉංග්‍රීසි උගන්වමින් ඉදලා තියේවි.

He/She will have been learning English on the Web since 2020. …
එයා (ඔහු/ඇය) 2020 (දෙදාස් විස්සේ) සිට/ඉදලා අන්තර්ජාලයේ ඉංග්‍රීසි ඉගනගනිමින් ඉදලා තියේවි.

We will have been creating an English website before/from 2022. …

2022ට (දෙදාස් 2022 ට) කලින්/පෙර (නං) | 2022 ඉදලා/සිට (නං), අපි ඉංග්‍රීසි වෙබ්අඩවියක් නිර්මාණය කරමින් ඉදලා තියෙයි.

ගෙදර වැඩ - Homework.

තව තවත් (එවැනි) උදාහරණ සොයා, (76 වන පාඩමේ පරිදි) වාක්‍ය වින්‍යාසය සකසා, මතක තබා ගන්න.

{Find some (such) more illustrations and make/line/remember the Syntax (as in the lessons no. 76).}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll