අනාගතකාල පරිපූර්ණ ක්‍රියා - 80

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Anagathakala Paripurna Kriya - අනාගතකාල පරිපූර්ණ ක්‍රියා - Future Perfect Tense.


යමක්, යම් අනාගත කාල පරාසයකදී අවසන්කොට තිබෙයි / තිබේවි, යන්න (යන බව) ඇඟවීමට අනාගතකාල පරිපුර්ණ ක්‍රියා  භාවිතා කෙරේ.

{The Future Perfect Tense denotes that something will have been finished at some future period.}

A Few Models - උදාහරණ කිහිපයක්.

I shall have done my homework by nine. (Archaic.)
නවය වෙනකොට, මම මගෙ ගෙදරවැඩ කරලා ඉවරවෙයි / තියෙයි.

I will have done my homework by nine. (Modern.)
නවය වෙනකොට, මම මගෙ ගෙදරවැඩ කරලා ඉවරවෙයි / තියෙයි.

She will have done it.
ඇය/එයා ඒක කරලා තියෙයි.

He will have come there.
ඔහු/එයා එහෙට/එතෙන්ට ඇවිල්ලා ඉදියි.

සටහන: අපි නිතරම මේ වගේ දේවලුත් කියනවා:
{Note :- We often say things as this also:}

මෙලහට/මෙලහකටත්/මේ වෙනකොටත් එයාලට ආරංචිවෙලා ඇති.
They will have heard the news by now. (Certainty.)

They should have heard the news by now. (Probability.)
මෙලහට/මෙලහකටත්/මේ වෙනකොටත් එයාලට ආරංචිවෙලා ඇති.

“Will have” මඟින් “නියතව ම සිදුවෙන” බවත්, (මෙතන දී) “Should have” මඟින් “සිදුවිය හැකි” බවත් ප්‍රකාශ කෙරේ.

{“Will have” expresses Certainty, “Should have” expresses Probability.}

Homework - ගෙදරවැඩ.

තව තවත් උදාහරණ සොයා, (76 සහ 77 වන පාඩම් වල/තුළ පරිදි) වාක්‍ය වින්‍යාසය සකසා, මතක තබා ගන්න.

{Find some more illustrations and make/line/remember the Syntax (as in lessons nos. 76 and 77).}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll