“වුඩ්” යන ක්‍රියා පදය - 139

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“Would” Yana Kriyapadaya - “වුඩ්” නම් ක්‍රියාපදය - The Verb "Would". 


Would (වුඩ්) යන උපක්‍රියා පදය පහත දැක්වෙන ප්‍රධාන ආකාරයන්ගෙන් භාවිතා වේ.
[The Auxiliary Verb Would is used in the following main ways.]

[Would (වුඩ්) යන උපක්‍රියා පදයේ කෙටි ස්වරූපය =  'd වේ. Would - Short Form = 'd.]

1. අනාගත කාලය හඟවන Will යන ක්‍රියාපදයේ ආචාරශීලී ස්වරූපය ලෙසින් Would යන උපක්‍රියා පදය යෙදේ, විශේෂයෙන් ම "තරහ නැතුව" (= Would you mind) යන කොටසට මිශ්‍රක්‍රියා පදයක් ආඳා / ඈඳා.
[1. Would is often used as a polite form of Will, especially in the expression Would you mind followed by a present participle.]

ඒය් (ඒයි / හලෝ) පොඩ්ඩක් (පොඩ්ඩකට) මෙහාට එනව ද?
ඒය් (ඒයි / හලෝ) පොඩ්ඩක් (පොඩ්ඩකට) මෙතනට (මේකට / මේ වැඩේට) එකතු වෙනව ද?
Would you come in* here a moment?

[*"If someone comes in on a discussion, arrangement, or task, they join it.
Can I come in here too, on both points?...
He had a designer come in and redesign the uniforms."]

ඔයා මාත් එක්ක යන්න එනව ද?
Would you go with me?

කරුණාකර ජනේලේ වහනවා ද?
Would you shut the window, please?

කවුරු හරි කරුණාකරලා කියනවද මට, මොකක් ද මේ වෙන්නෙ කියලා?
Would someone please tell me what is going on?

තරහ නැතුව මං වෙනුවෙන් මේ ලිවුම තැපැල් කරනවා ද?
Would you mind posting this letter for me?

# 'like' යන පදය සමඟ ආචාරශීලී ඇරයුමක් හෝ යෝජනාවක් ගැන ප්‍රශ්න කිරීමේ දී Would යොදා ගනී.
["You use would, usually in questions with 'like', when you are making a polite offer or invitation."]

(මොකද කියන්නෙ බබා / සුදූ / හලො,) ඔයා කෝපි එකක් බොනව ද?
Would you like a coffee?

ඔයා කෝපි එකක් බොනව ද? එහෙම නැත්තං තේ එකක් බොනව ද?
Would you like a coffee or tea? = Would you like a coffee or a tea?
[Would you like a cup of tea or coffee? = Would you like a cup of tea or a cup of coffee?]

{තේකක් (තේ එකක්) ලෙස තේ කෝප්පයක් අදහස් කළ හැක. "A cup of tea can be referred to as a tea."}

2. සමහරවිට Would මුරණ්ඩුකම හෝ බලකිරීම අඟවයි. එවිට Would බරකොට (අවධාරණය කර) යෙදේ.
[2. Would sometimes denotes determination, or insistence. In these cases would is accented.]

අපි එයාට එපා කිව්වත්, එයා බල්ලට එක-එක විකාර (විගඩම්) කරනවා (කළා), ඊට පස්සේ බල්ලා කව්ව ගත්තා.
He would tease the dog, although we warned him not to, and he got bitten.

3. එමෙන් ම Would යොදා “පුරුද්ද හා සම්බන්ධ බව” අදහස් කෙරේ.
[3. Would also denotes “being in the habit of”.]

මා ඇමතූ සෑම අවස්ථාවක ම ඔවුන් පුරුද්දක් ලෙස පවසන්නේ (පැවසුවේ) ඔහු නිවසේ නොමැති (නොවූ) බවයි.
Whenever I called, they would say he was not at home.

# උපක්‍රියාවක යෙදීම් ස්වරූපයෙන් අතීතයේ නැවත-නැවත, පුරුද්දක් ලෙස, සිරිතක් ලෙස කළ / වූ, ක්‍රියාවක්, හැසීරීමක්, හෝ සිදුවීමක් ප්‍රකාශ කිරීමට Would යොදා ගැනේ = පුරුදුව / පුරුදු වී සිටියා; අතීතයේ නිතරම පාහේ සිදු වූ / අතීත පුරුදු.
[# "Would is used in auxiliary function to express repeated, custom or habitual action, event or behaviour in past: used to. PAST HABITS: used to say that something happened often or regularly in the past."] 

අතීතේ, පුරුද්දක් ලෙස ඇය / එයා ජනේලෙ ළඟ පැය ගානක් තිස්සේ ඉඳගෙන ඉන්නවා (හිටියා).
She would sit for hours at the window.

අතීතෙ, අපි පුරුද්දක් විදිහට දවල් කෑමට නිතර ම වගේ හමුවෙනවා (හමුවුණා).
We would meet often for lunch.

4. ඔබ පරිකල්පනය කරන සිදුවීමක ප්‍රතිඵල ගැන කතාකිරීම සඳහා.
["Used for talking about the result of an event that you imagine:]

ඇයට මීට වඩා කෙටි කොණ්ඩයක් තිබුණා නං, එයාගෙ පෙනුම මීට වැඩිය හොඳ වෙයි කියලා හිතෙනවා.
She'd look better with shorter hair. 

ඔබ ඔහුව හමුවෙන්න ගියොත්, ඔහු අමන්දානන්දයට පත්වෙයි කියලා හිතෙනවා.
If you went to see him, he would be delighted. 

ඉක්මන් කරන්න! නාට්‍යයේ මුල් හරිය බලන්න බැරි වුණොත්, ලැජ්ජාවේ බෑ (/ වස ලැජ්ජාවක් / හරි සවුත්තුවක්).
Hurry up! It would be a shame to miss the beginning of the play." 

# Would යන්න “ඔබ (සිතින්) සිතන (පරිකල්පනය කරන / උපකල්පනය කරන) හෝ ඔබට සිදුවීමට අවශ්‍ය, සිදුවිය හැකි තත්ත්වයක් (තත්ත්ව) ගැන කතා කිරීමේදී භාවිතා වේ”.
[4. Would is “used when talking about a possible situation that you imagine or want to happen”.]

“ඔබ පවුම් මිලියනයක් දිනුවොත් ඔබ කුමක් කරනවා ඇද්ද?”
“What would you do if you won a million pounds?”

මම පතනවා (ප්‍රර්ථනා කරනවා) ඔවුන් (එයාලා) ඇවිත්, අපේ දිහා (අපි ළඟට) එයි කියලා.
I wish they'd come and visit us. (they'd = ... they would ...)

5. Would යන උපක්‍රියා පදය “සිදු නොවූ දෙයක් හෝ පැවතිය නොහැකි තත්ත්වයක් ගැන කතා කිරීමේදී භාවිතා වේ”.
[5. Would is “used when talking about something that did not happen, or a situation that cannot exist”.]

මට ඔයාට කෝල් (ෆෝන්) කරන් තිබ්බා, ඒත් ඒකට වෙලාව (වෙලාවක්) තිබ්බේ නෑ.
I would have phoned you, but there wasn't time.

ඔබේ පියා තාමත් ජීවතුන් අතර සිටියා නම්, සියල්ල බෝ (බොහෝ) සේ වෙනස් වනු ඇත / ඇති.
Everything would be very different if your father were still alive.

සඳහන / සටහන: කතාබහේ දී, යමක් ගැන ඔබේ අදහස් දැක්වීමේ දී, ඔබට ඒ පිළිබඳව හොඳින් ම ස්ථිර නොවන විට, I would think හෝ I would imagine හෝ I would say යොදා ගැනේ.

[Note: "I would think / I would imagine / I would say: Spoken - Used to give your opinion about something when you are not very sure about it:]

මට හිතෙන්නෙ නං, ඔයා වෙන ඉස්කෝලෙකට ගියා නං, මීට (මේ ඉස්කෝලෙට ගියාට) වඩා සතුටිං ඉඳියි කියලා.
මට හිතෙන්නෙ නං, ඔයා වෙන ඉස්කෝලෙක දී නං, මීට (මේ ඉස්කෝලෙ දීට) වඩා සතුටිං ඉඳියි කියලා.
මට හිතෙන්නෙ නං, ඔයා වෙන ඉස්කෝලෙක දී නං, මීට (මේ ඉස්කෝලෙ දී ඉන්නවාට) වඩා, වඩා සතුටිං ඉඳියි කියලා.
I would think you'd be happier in a different school.

'ගොඩක් ගණන් වෙයි ද?' 'මම එහෙම හිතනවා.'
'ගොඩාක් සල්ලි යයි ද?' 'මම එහෙම පරිකල්පනය කරනවා.'
'හෙන ගාණක් යයි ද?' 'මට එහෙම හිතෙනවා.'
'Will it cost a lot?' 'I would imagine so.'"

අභ්‍යාසය - Exercise.

පහත සඳහන් ඉංග්‍රීසි වාක්‍යවල Would හෝ Should ඇතුළත් කරන්න:-
[Insert Would or Should in the following: —]

1. ඔහු කිව්වා ඔහු මිනිත්තු දහයකින් ආපසු එනවා කියලා.
1. He said he — be back in ten minutes.

2. ඔහු මේ වන විට මෙහි සිටිය යුතුයි / ඔහු මේ වන විට මෙහි සිටිය යුතුව තිබුණා.
2. He — have been here by now.

3. මට ඔබව මෙහි දී හමුවිය යුතු බවට මම විශ්වාසයෙන් පසුවුණා.
3. I was sure I — meet you here.

4. මම ඔබ නම්, මම කිසිවෙකුට ඒ ගැන කිසිවක් නොකියනවා ඇති.
4. මම ඔබ වුණා නම්, මම කිසිවෙකුට ඒ ගැන කිසිවක් කියන්නැතුව ඉන්නවා ඇති.
4. If I were you, I — not say anything about it to anyone.

5. එසේ කළහොත් එය ඔබේ වැරද්දයි.
5. It — be wrong of you to do so.

6. මා ඇසූ දේ මම ඔබට පවසන්නට වූවා නම්, ඔබ කම්පනයට පත්වනු ඇත.
6. මට ඇහුණ දේ මං ඔයාට කියන්න ගියා නං, ඔයා අන්දමන්ද වෙනවා ඇති.
6. If I were to tell you what I heard, you — be shocked.

7. ඔබ වනයේ දී අතරමං වේ දෝ යැයි මම බියෙන් පසුවුණෙමි.
7. I was afraid lest you — lose your way in the wood.

8. තරහ නැතුව මට ඔයාගේ පිහිය ටිකක් / ටිකකට දෙනව ද?
8. — you mind lending me your knife?

9. ඔබ දුප්පතුන්ට කරුණාවන්ත විය යුතුයි / වෙන්නට ඕන/ඕනෑ.
9. You — be kind to the poor.

10. මා කැමති (වූ) / පැතූ ඕනෑම දෙයක් කරන (/ කරනු ඇති) බව එයා කීවේය.
10. She / He said (s)he — do whatever I wished.

11. මම මගේ පින්තූර-තැපැල්පත් ඔබට පෙන්වීමට කැමතියි.
11. I — like to show you my picture postcards.

12. අප්පච්චිගෙන් / තාත්ගෙන් අහන්නැතුව ස්කොලේ ( / වැඩට) නොගිහින් හිටියොත්, ඔයාගේ තාත්තට හොඳට ම කේන්ති යයි.
12. Your father — be very angry if you played truant.
[Play Truant = "Be absent from work or school without permission."]

13. ඔබ ඕනෑවට වඩා රසකැවිලි (/ පැණිරස) නොකෑ යුතුයි.
13. You — not eat too many sweets.

14. ඇයි මං එහි නොයන්නේ?
14. මම එහි නොයා යුත්තේ ඇයි?
14. Why — n’t I go there?

[n’t = නොවේ ('නැත' යන්නෙහි ('නැතාර්ථයේ') කෙටි (සංවෘත) ස්වරූපය යි.)]
[n’t = not (the short form of 'not'.)]

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll