දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්තෘ කාරක - ක්‍රියා නාමය - 112

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Waranangeema - Kathru Karaka – Kriya Namaya –  දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - කර්තෘ කාරක - ක්‍රියා නාමය - Conjugation of the Verb - Active Voice -  Gerund.


දැනටමත් දන්නා ක්‍රියාපදය = To Teach.
[To teach = ප්‍රකෘති ක්‍රියාව (ක්‍රියා ප්‍රකෘතිය) = උගන්වන්න / උගන්වන්(න)ට / උගන්වන්ඩ /  - කථා - උගන්නන්ඩ.]

{To Teach. (To Teach = Infinitive.)}

ක්‍රියා නාමය = Teaching = උගන්වනෙක, උගන්වන එක, උගන්නන එක, උගැන්වීම, ඉගැන්නීම, ඉගැන්වීම, (ට) ...
{Gerund - Teaching.}

I love to teach - මම උගන්නන්න ආසයි.
I love teaching - මම උගන්නන එකට ආසයි.
Teaching is a tendency - ඉගැන්වීම ආසාවක් (ආශ්‍රවයක්).
Teaching others is never easy - අනුන්ට / අන් අයට (අන්‍යන්ට) / අනික්/අනිත් අයට උගන්නන එක කිසිසේත් ම (සම්මජ්ජාතියකට) ලේසි නෑ / නැත.
Teaching is not that easy (either) - උගන්නන එක එච්චර ලේසි(ත්) නෑ / නැත.
උගන්නන එක හිතන තරං ලේසි(ත්) නෑ.

Homework - ගෙදරවැඩ.

ඉහත පරිදි, පහත ක්‍රියා (මූල) පද (පහ), ක්‍රියා නාමයන්ට අදාළව වරනඟන්න.
To play, to write, to sing, to read, සහ to pass.

{Conjugate the following (Infinitives) verbs in Gerunds (as above): To play, to write, to sing, to read, and to pass.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll