නාමවිශේෂණ - 25

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Namawisheshana - නාමවිශේෂණ - Adjectives.


නාම පදයක් විස්තර කිරීමට (නාම පදය ඉදිරියෙන්) යොදාගන්නා වචනය නාම විශේෂණයයි.
{An adjective is a word that describes a noun.}

පහත වාක්‍ය දෙස බලන්න.
Look at the following sentences.

1. You must not put on damp clothes.
That is a ford car.

2.  My hen has nine chicks.
This is the first time I have been in Colombo.

3.  This snake is more dangerous than that.
Let these girls stand under yonder tree.

4.  Every boy must be in scout uniform.
You may barrow either book you like.

නාමවිශේෂණ පද ඇතුළත්කොට තැනියහැකි කාණ්ඩ හතරක් ඉහත පෙන්වා ඇත.
{The group of sentences shows the four classes into which adjectives are divided.}

පළමු කොටස සමන්විතවන්නේ විස්තරාත්මක නාම විශේෂණ නොහොත් තත්ත්වය, වර්ගය හෝ ගුණත්වය විස්තරකරන නාම විශේෂණ වලිනි.
{The first class consists of Descriptive Adjectives, or adjectives of quality, kind or condition.}

දෙවන කොටස සමන්විතවන්නේ ප්‍රාමාණික නාම විශේෂණ වලින් වන අතර එයට සංඛ්‍යාත්මක නාම විශේෂණ ද අඩංගු වේ.
{The second class consists of Adjectives of quantity including adjective of Number or Numerical Order.}

තෙවන කොටස සමන්විතවන්නේ නිදර්ශක නාම විශේෂණ නොහොත් යමක් [ඇඟිල්ල දිගුකොට මෙන් - (☞)] පෙන්වාදෙන නාම විශේෂණය වලිනි.
{The third class consists of Demonstrative Adjectives or adjectives which point out.}

සිව්වන කොටස සමන්විතවන්නේ ප්‍රභේද වාචක නොහොත් අනියත නාම විශේෂණ වලිනි.
{The fourth class consists of adjectives call Distributive or Indefinite.}

*නාම විශේෂණ ලෙසින් භාවිතාවන නාම පද ද නිතරම දක්නට ලැබේ.
{It is frequently seen that nouns are used as adjectives.}

පුද්ගලයන්, ජන වර්ගයන්, ස්ථානයන් ගේ නම් ලෙසින් යෙදෙන සංඥා නාම සමඟ *මෙය සුලබය. පහත උදාහරණ අධ්‍ය‍යනය කරන්න.
{This is very common with Proper Nouns such as name of persons, peoples and places.}

Sri Lanka army. The Arabic language.
Greek literature. Chinese hawkers. Japanese policy.   
French leave.  Latin prefixes. The Mogul emperors.
The Norman conquest. The Parsi community.
The Malay states. Portuguese possessions. Sanskrit grammar.
Sinhalese customs. Irish independence.
A Ford car. The Panama canal. The Anuradhapura civilization ...

නාම විශේෂණ ලෙසින් භාවිතාවන සර්ව නාම පද සඳහා උදාහරණ පහත දැක්වේ.
{Here are some examples of Common Nouns used as adjectives.}

A bat handle.
A cloth jacket.
A football match.           
A fountain pen.
A paper bag. ...
A railway porter.
A silver watch.               
A spring morning.          
A tennis court.
A watch chain.
Mouse colour.                
Oatmeal porridge.         
The Science Congress.   
The village blacksmith.  

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll