අතීතකාල පරිපූර්ණ ක්‍රියා - 77

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Atheethakala Paripurna Kriya - අතීතකාල පරිපූර්ණ ක්‍රියා - Past Perfect Tense.


යම්කිසි ක්‍රියාවක් හෝ සිදුවීමක් සිදුවීමට පෙර වෙනත්/තවත් ක්‍රියාවක් හෝ සිදුවීමක් සිදුවූ බව අඟවන්නේ අතීතකාල පරිපූර්ණ ක්‍රියා (මඟින්) ය.
{Past Perfect (or Pluperfect) Tense indicates that some action or event happened before something else happened.}

We had been there long before the train came.
කෝච්චිය එන්ඩ/එන්න ගොඩක් ඉස්සරලා/කලින්, අපි එහෙ ගිහිල්ලා හිටියා (තිබ්බා/තිබුණා).
කෝච්චිය එන්ඩ/එන්න ඉස්සරලා/කලින්, අපි එහෙට ගිහිල්ලා ගොඩක්වෙලා හිටියා.

අතීතයේ දී සිදු වූ හෝ සම්පූර්ණ කළ ක්‍රියා ප්‍රකාශ කිරීමට අතීතකාල පරිපූර්ණ ක්‍රියා යෙදේ.
{Past Perfect (or Pluperfect) Tense used to express actions happened or completed in the past.}

I had been there once - මං එක සැරයක් එහෙ ගිහිල්ලා (ඉඳලා) තිබ්බා.
He had seen her before - ඔහු මීට කලින් ඇයව දැකලා තිබ්බා.

සරල අතීතකාල ක්‍රියා හා අතීතකාල පරිපූර්ණ ක්‍රියා අතර ඇති වෙනස වෙන්කොට වටහා ගැනීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බෙහෙවින්ම අපහසු ය (දැඩි අපහසුතාවයක් පවතී). එබැවින් ඔවුහු මෙවැනි දෑ/දේ ලියත්/ලියති.

{Students have great difficulty in understanding the difference between the Past indefinite and the Past Perfect. They write such things as these :}

1. We had been to the station last night to meet you.
ඔයාව මීට්/හම්බ වෙන්ඩ අපි ඊයේ රෑ ඉස්ටේෂන් එකට ගිහිල්ලා හිටියා.

2. I had read that book last term.
මම ගිය වාරේ ඒ පොත කියවලා තිබ්බා.

3. They had seen us in Anuradhapura last summer.
එයාලා ගිය ගිම්හානේ අනුරාධපුර දී අපිව දැකලා තිබ්බා.

නමුඳු, ඔවුන් කියයුතුව තිබූ දේ කුමක් ද යත්;
{But, what they should have said was:}

1. We went to the station last night to meet you.
ඔයාව මීට් වෙන්ඩ අපි ඊයේ රෑ ඉස්ටේෂන් එකට ගියා.

2. I read that book last year.
මම ගිය වාරේ ඒ පොත කියෙව්වා.

3. They saw us in Anuradhapura last summer.
එයාලා ගිය ගිම්හානෙ අනුරාධපුර දී අපිව දැක්කා. (කියල යි.)

මෙම දුෂ්කරතාවය ජයගැනීමට ප්‍රමාණවත් භාවිතයක් අවශ්‍යය. ඒ අතරතුරදී මෙන්න මේ ක්‍රමවේදය භාවිතාකර බලන්න: අතීතකාල පරිපූර්ණ ක්‍රියා (වාක්‍ය) භාවිතා කරනා සෑම විටකදී ම, එය සරල අතීතකාල ක්‍රියා (වාක්‍ය) බවට පෙරලන්න. එවිට එය ඔබ අදහස්කිරීමට බලාපොරොත්තුවූ දෙය ප්‍රකාශකරයි නං, එසේ තබන්න.

{Much practice is needed to master this difficulty. In the meantime follow this rule : whenever you have used Past Perfect, Change it to the Past Indefinite. If it then expresses your meaning, leave it.}

උදාහරණයක් ලෙස : ඔයා/ඔබ - I had fallen and sprained my ankle ලෙස ලියලා තිබ්බොත්, I fell and sprained my ankle ලෙස වෙනස් කරන්න.

{For example : If you have written – I had fallen and sprained my ankle.
Change it to : I fell and sprained my ankle.}

වාක්‍ය දහයෙන් නවයක් තුළ ම, ඔබ කීමට අදහස්කළ දෙය, සරල අතීතකාල ක්‍රියා (වාක්‍ය/වාක්‍යයෙන්) වේවි.
{In nine cases out of ten, Past Indefinite Tense will be what you meant to use.}

N.B. - සැලකිය යුතුයි.

අතීතකාල පරිපූර්ණ ක්‍රියා (වාක්‍ය) හා, යමක් කෙරෙන්නට (කර/කරවා ගන්නට*) නියමකොට / ඇණවුම් කොට ආදී හෝ යොදවා / පිළිවෙල/සැලසුම් කොට ආදී අර්ථයෙන් හැඩ් භාවිතා කිරීම, යන දෙක අතර ඇති වෙනස හොඳින් හඳුනාගන්න.

{Notice carefully the difference between the Past Perfect and the Use of Had in the sense of ordered or arranged for something to be done.}

For example - උදාහරණයක් ලෙස : The chairs you had made for me are much admired යන වාක්‍යයෙහි තේරුම - “ඔබ මා සඳහා/වෙනුවෙන් සකසන ලද පුටු බෙහෙවින් ම අගනේය/අගය කෙරේ”යන්න නොවේ - “ඔබ මා සඳහා සකස් කරීමට නියම/ඇණවුම් කළ පුටු (වෙනුවෙන්, මම ඔබව බෙහෙවින්ම අගය කරමි) බෙහෙවින්ම අගය කෙරේ.” යන්නයි.

{This does not mean “the chairs which you made for me ...”, but “the chairs which you ordered to be made for me ...”}

So we say - එහෙයින් අපි :

I had my hair cut - මම මගෙ කොන්ඩේ කප්පවාගන්නවා*.
I had these pictures framed - මම මේ පින්තූර රාමු කරවාගන්නවා*.
I have had my teeth attended to - මම මගෙ දත් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්නට හිතලා තියෙන්නේ. … ආදී ලෙසින් කියන්නෙමු.

මේ අරුතින් හැව් සියලුම කාලය (කාලභේදය) න්හිදී භාවිතා කෙරේ.
{This sense of Have is used in all tenses.}

You should have these books rebound - ඔයා ආපහු මේ පොත් ආබද්ධ කරවාගන්න ඕනෑ / ... කරවාගත්තොත් හොඳයි.
(ඔයාට ආපහු මේ පොත් බන්දවාගන්න වෙයි.)

Are you having these roses trimmed? - ඔයා මේ රෝස (මල්/ගස්) කප්පවා ගන්නද යන්නේ?

I shall/will not be having anything done to the house before next year- ඊළඟ අවුරුද්ද වෙනකල් නං (මේ/මගෙ/අපේ) ගෙදරට කිසිම දෙයක් කරන්ඩ (ඒ අතරතුර කාලයේදී අනාගතයේදී මම) සැලසුම් කරමින් නොඉදීවී.

[ඊළඟ අවුරුද්දට කලින් නං (මේ/මගෙ/අපේ) ගෙදරට කිසිම දෙයක් කරන්ඩ හිතලා නෑ.] … ආදී ලෙසිණි.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll