මූල අසම්භාව්‍ය ක්‍රියා - 93

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Mula Asambhawya Kriya - මූල අසම්භාව්‍ය ක්‍රියා - Zero Conditional.


ප්‍රතිඵල(ය) / ඵලය සෑම විටකදී ම සත්‍ය වන විට, අපි මූල අසම්භාව්‍ය ක්‍රියා යොදා ගන්නෙමු.
{When the result(s) is(are) always true, we use Zero Conditional Sentences (Zero Conditional).}

වාක්‍ය වින්‍යාසය: (If/when/…/ වාක්‍යාංශය +)  සරල වර්තමාන කාල වාක්‍යය + (If/when/…/ වාක්‍යාංශය +) සරල වර්තමාන කාල වාක්‍යය.
{Syntax: (If/when/…/ Clause +) Simple Present Tense + (If/when/…/ Clause +) Simple Present Tense.}

A few models - උදාහරණ කිහිපයක්.

ඔබ සතුන් මරනවා නම්, ඔබ අකාලයේ මියැදෙනවා.
If you kill beings, you die untimely.
ඔබ අකාලයේ මියැදෙනවා, ඔබ සතුන් මරන විට.
You die untimely, when you kill beings.

අපි හොරකන් කරනවා නං, අපි දුප්පත් වෙනවා.
If we steal, we become poor.
අපි දුප්පත් වෙනවා, අපි හොරකන් කරන කොට.
We become poor, when we steal.

ඔබ කාමයෙහි වරදවා හැසිරෙන්නේ නම්, ඔබ කායිකව හා මානසිකව රෝගී වෙනවා.
If you misbehave in sex, you get ill both mentally and physically.
ඔබ කායිකව හා මානසිකව රෝගී වෙනවා, ඔබ කාමයෙහි වරදවා හැසිරෙන විට.
You get ill both mentally and physically, when you misbehave in sex.

ඔබ බොරු කියනවා නං, මිනිස්සු ඔබව විශ්වාස කරන්නෑ.
If you tell lies, people don’t believe you.
මිනිස්සු ඔබව විශ්වාස කරන්නෑ, ඔබ බොරු කියන කොට.
People don’t believe you, when you lie.
[බොරු කියනවා]

ඔබ මත්ද්‍රව්‍ය ගන්නේ නං, ඔබගේ ප්‍රඥාව වියැකී යනවා.
If you take intoxicating substances, you lose your wisdom.
ඔබගේ ප්‍රඥාව වියැකී යනවා, ඔබ මත්ද්‍රව්‍ය ගන්න කොට.
You lose your wisdom, when you take intoxicating substances.

Homework - ගෙදරවැඩ.

ඕනෑම තැනකදී, මූල අසම්භාව්‍ය ක්‍රියා වාක්‍ය යොදා ගන්නා සෑම විටකදී ම, ඒ බව හඳුනා / තේරුම් / සටහන්කර / ලැයිස්තුගතකර ගන්න.
{Find/note/figure out Zero Conditional whenever/wherever it is used.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll