පුරුෂය (කර්තෘ භාවය) හඟවන සර්වනාම - 39

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Purushaya Hangawana Sarwanama - පුරුෂය (කර්තෘ භාවය) හඟවන සර්වනාම - Personal Pronouns.

 
(ව්‍යාකර්ණයෙහි) පුරුෂ තුනකි.
{There are three persons.}
 
කථනය කරන, කථනයට බඳුන්වූ හෝ කථනය ගැන සඳහන්වූ පුරුෂය හෝ පුරුෂ සඳහා යෙදෙන සර්ව නාම වේ.
 
{These are used for a person or persons speaking, spoken to, or spoken of.}
 
 කථනය කරන පුරුෂය (කර්තෘ) වෙනුවෙන් පෙනීසිටින්නේ, උත්තම පුරුෂයයි.
{The First Person, which stands for the person who is speaking.}
 
කථනයට බඳුන්වූ පුරුෂය (ආමන්ත්‍රණය) වෙනුවෙන් පෙනීසිටින්නේ, මධ්‍යම පුරුෂයයි.
{The Second Person, which stands for the person who is spoken to.}
 
කථනය ගැන සඳහන්වූ (වාර්තා වූ) පුරුෂය වෙනුවෙන් පෙනීසිටින්නේ, ප්‍රථම පුරුෂයයි.
{The Third Person, which stands for the person who is spoken of.}
 
කර්තෘ භාවය හඟවන සර්වනාම පහත පරිදි වේ.
{The Personal Pronouns are as follows.}
  

First Person - උත්තම පුරුෂය.

Nominative - ප්‍රථමා විභක්තිය.

Objective - කර්ම විභක්තිය.

Possessive - සම්බන්ධ භක්තිය.

Singular - ඒකවචන : I

Me

My or mine

Plural - බහුවචන : We

Us

Our or ours

  

Second Person - මධ්‍යම පුරුෂය.

Nominative.

Objective.

Possessive.

Singular: You (thou*)

You (thee*)

You or yours

(thy* or thine*)

Plural: You (ye*)

You

You or yours

  

Third Person - ප්‍රථම පුරුෂය.

Nominative.

Objective.

Possessive.

Singular (masculine): He

Him

His

Singular (feminine): She

Her

Her or hers

Singular (neuter): It (ඒක / ඌ / ඒකා / ඒකී ...)

It

Its (NOT It’s)

(It’s නොවේ.)

Plural (masculine, feminine or neuter): They

Them

Their or theirs

  
(ඉහත) වගු තුනෙන්ම, ලිංග භේදය පෙන්වන්නේ ප්‍රථම පුරුෂ ඒක වචනය තුළ පමණක් බව ඔබට පෙනේවි.
 
{You will notice in these tables that the only pronouns which show gender are those of the Third Person singular: He, she and it; him and her; hers and its.}
 
*(ඉහත දෙවැනි වගුවේ) මෙම සර්ව නාමයන්ගෙන් Thou, thee, thy, thine සහ ye යන සර්ව නාමයන්, අදට ද යම් යම් ජන කොටස් අතර භාවිතයේ පැවතිය ද, සාහිත්‍යයේ හා පැරණි ව්‍යවහාරයේ බහුලව වශයෙන් ද, විශේෂයෙන්ම කව්‍යකරණයේදී ද දැකිය හැකි නමුත්, තවදුරටත් භාවිතයේ නොමැත. එම සර්ව නාම වෙනුවට අපි වත්මනේදී you භාවිතා කරමු.
 
You යන සර්ව නාමය, සත්‍ය වශයෙන්ම බහුවචනයක් බැවින් බහුවචනාර්ථ ක්‍රියාවක්ම ගනී.
 
{*Of these pronouns Thou, thee, thy, thine and ye are no longer used, except in dialects, though they are frequent in older speech and literature, especially in poetry and drama. Instead of them we now use you, which is really a plural and so takes a plural verb.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll