දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - ටූ බී - අසම්භාව්‍ය ක්‍රියාවිධිය - 123

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Danatamath Danna Kriyapadayaka Waranangeema -Too Bee - Asambhavya Kriyavidiya – දැනටමත් දන්නා ක්‍රියාපදයක වරනැඟීම - ටූ බී - අසම්භාව්‍ය ක්‍රියාවිධිය – Conjugation of the Verb - To Be - Subjunctive Mood. 


Present Tense
වත්මන් කාලය
Singular
ඒකවචනය
Plural
බහුවචනය
1st Person
උත්තම පුරුෂය
If I am (be) | If I be.
මම වෙමි (/ වේ / වෙයි / යි) නම් |
සිටිමි / ඉන්නෙමි (/ ඉන්නවා) නම්
If we are (be) | If we be.
අපි වෙමු / වන්නෙමු (/ වේ / වෙයි / යි) නම් |
සිටිමු / ඉන්නෙමු (/ ඉන්නවා) නම්
2nd Person
මධ්‍යම පුරුෂය
If you are (be).
නුඹ, ඔබ, මෙයා වෙහි (/ වේ / වෙයි / යි) නම් |
If thou be
තෝ, තා, තී වෙහි ( / වේ / යි) නම් |
If you are (be).
නුඹලා, ඔබලා, මෙයාලා වෙහු (/ වෙති / වේ / වෙයි / යි) නම් |
If ye are (be)
තොපි, තෙපි, තීලා වෙහු (/ වෙත් / වේ / යි) නම් |
3rd Person
ප්‍රථම පුරුෂය
If he is (be).
ඔහු, එයා වේ / වෙයි / යි නම් |
If she is (be).
ඇය, එයා වේ / වෙයි / යි නම් |
If it is (be).
ඌ, ඒකා, ඒක වේ / වෙයි / යි නම් |
If they are (be).
ඔවුහු, එයාලා, ඒකලා, ඒවා වෙති (/ වේ / වෙයි / යි) නම් |

Past Tense
අතීත කාලය
Singular
ඒකවචනය
Plural
බහුවචනය
1st Person
උත්තම පුරුෂය
If I were [was] | If I was.
මම වූවෙමි / වූයෙමි / උණෙමි / වුණෙමි (/ වුණා / උණා / විය / යි) නම් | සිටියෙමි / උන්නෙමි (/ හිටියා) නම්
If we were.
අපි වූවෙමු / වූයෙමු / උණෙමු / වුණෙමු (/ වුණා / උණා / විය / යි) නම් | සිටියෙමු / උන්නෙමු (/ හිටියා) නම්
2nd Person
මධ්‍යම පුරුෂය
If you were.
නුඹ, ඔබ, මෙයා වීහි / වූයෙහි (/ වුණා / උණා / විය / යි) නම් |
If thou wert.
තෝ, තා, තී වීහි / වූයෙහි (/ වුණා / උණා / විය / යි) නම් |
If you were.
නුඹලා, ඔබ(ලා), මෙයාලා වීහු / වූයෙහු (/ වුණා / උණා / විය / යි) නම් |
If ye were.
තොපි, තෙපි, තීලා වීහු / වූයෙහු (/ වුණා / උණා / විය / යි) නම් |
3rd Person
ප්‍රථම පුරුෂය
If he were [was].
ඔහු, එයා / වූයේ ය (/ වුණා / උණා / විය / යි) නම් |
If she were [was].
ඇය, එයා / වූයේ ය (/ වුණා / උණා / විය / යි) නම් |
If it were [was].
ඌ, ඒකා, ඒක / වූයේ ය (/ වුණා / උණා / විය / යි) නම් |
If they were.
ඔවුහු, එයාලා, ඒකලා, එව්වා වූහ (/ වුණා / උණා / විය / යි) නම් |

ගෙදරවැඩ - Homework.

ඕනෑම තැනකදී, ඉහත පරිදි, “ටූ බී” (මූල) ක්‍රියාපදය - අසම්භාව්‍ය ක්‍රියාවිධිය - වාක්‍ය තුළ යොදා ගන්නා / වරනගනා සෑම විටකදී ම, ඒ බව මැනවින් හඳුනා / තේරුම් / සටහන්කර / ලැයිස්තුගතකර ගන්න.

{ Find/note/figure out/list/observe carefully, whenever/wherever The verb To BE is conjugated or used in sentences in above.}


ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll