පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා - 81

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Paripurna Akhanda Kriya - පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා - Perfect Continuous Tense.


පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා (මඟින්) ප්‍රධාන වශයෙන් ම ප්‍රකාශ කරනුයේ, යම් කාලයක් (යම් නිශ්චිත හෝ අවිනිශ්චිත කාල පරාසයක්) තුළ දිගින් දිගටම (නිතර ම, නිතර නිතර වාගේ) කරන ලද (කරලා තියන) යමක් (යම් ක්‍රියාවක්) ගැනය.

{The Perfect Continuous Tense mainly denotes that something has done (had done / will have done)  continually (often/frequently, etc.) for/since/in some (certain or uncertain) period of time.}

මෙහි දී, (පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා වාක්‍යයේ) මුලට හෝ අගට for, since ආදී අව්‍ය පද හෝ lately, recently ආදී ක්‍රියා විශේෂණ පද යොදා ගැනීම සුලබ දසුනකි.

{It is very common to use a preposition (for, since, etc.) or an adverb (lately, recently, etc.) with, at the begging of or at the end of a sentence.}

කාලභේද තුනක් දක්නට ලැබෙන නිසාවෙන්, (මෙහි දී ද) මෙසේ වාක්‍ය රටා තුනක් ද දක්නට ලැබේ.
{As there are three Tenses, so are there three patterns, as:}

1. Present Perfect Continuous Tense - වර්තමානකාල පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා.
2. Past Perfect Continuous Tense - අතීතකාල පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා.
3. Future Perfect Continuous Tense - අනාගතකාල පරිපූර්ණ අඛණ්ඩ ක්‍රියා.

මේ වාක්‍ය රටා තුන ගැන ඊළඟ පාඩම් තුනේදී, උදාහරණ සහිතව, සවිස්තරව උගත හැක.
{We can learn each of them in next three lessons in detail with examples.}

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll