විධික්‍රියා විධිය - 87

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Widhikriya Widhiya - විධික්‍රියා (ක්‍රියා)විධිය - Imperative Mood.


විධික්‍රියා විධිය මඟින් අණකරයි, අවවාද දෙයි, එසේත් නැතහොත් යටහත් පහත්ව ඉල්ලා සිටියි. එය (විධික්‍රියා විධිය) යොදාගනු ලබන්නේ මධ්‍යම පුරුෂයෙන් ම පමණි. විධික්‍රියා විධියෙහි දී ක්‍රියා පදයෙහි කර්තෘ (ක්‍රියාව කරන පුද්ගලයා/තැනැත්තා) නිතරම පාහේ නොයෙදේ/නොසලකා හැරේ.

{The Imperative Mood orders, advises or begs. It is used only in the Second Person. The subject of the verb in the Imperative Mood is often omitted.}

A few models – උදාහරණ කිහිපයක්.

Come along! You! I say, come along!
ඉක්මන් කරනවා! තමුසේ/මිනිහෝ! මං කියන්නේ, ඉක්මන් කරනවා/කරන්ඩ කියලා!

Don't be so silly!
ඔච්චරම මෝඩ / බොළඳ වෙන්ඩෙපා!

Send for a doctor at once!
[එකපාරටම ඩොක්ට(ර්) කෙනෙක්ට කෝල් (කතා) කරනවා! / වෛද්‍යවරයෙක්ව කැඳවනවා!]
{හිටිහැටියේම වෛද්‍යවරයෙක් එක්කං එන්ඩ කියා කියනවා!}
වහාම වෛද්‍ය සහය පතනවා!

Homework - ගෙදරවැඩ.

ඕනෑම තැනකදී, විධික්‍රියා විධිය යොදා ගන්නා සෑම විටකම, ඒ බව හඳුනා / තේරුම් / සටහන්කර / ලැයිස්තුගතකර ගන්න.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll