“මස්ට්” යන ක්‍රියා පදය - 153

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

“Must” Yana Kriyapadaya - “මස්ට්” යන ක්‍රියාපදය - The Verb "Must" 


1. The Verb Must has no change of form for tense, number or person. It denotes necessity or duty.
“මස්ට්” යන ක්‍රියාපදය බලවත් ඕනෑකම හෝ යුතුකම/කටයුත්ත (කටයුත්ත = කළ යුත්ත / කළ යුතු දේ) අඟවයි. එහි (“මස්ට්” යන ක්‍රියාපදයේ) කාල භේදය, වචන භේදය (ඒකවචන-බහුවචන භේදය), හෝ පුරුෂ භේදය (උත්තම පුරුෂ ...) සඳහා විධියේ කිසිදු වෙනසක් නැත.

You must be quick or you will be late.
ඔබ ඉක්මන් කළ යුතුමයි, නැතහොත් ඔබ පරක්කු වෙයි.
ඔයා ඉක්මං කළ යුතු ම යි, නැත්තං ඔයා සුනංගු වේවි.

Why must I take this medicine?
ඇයි මං මේ බෙහෙත් ගත යුත්තේ?

2. For the past tense, had to is used instead of must.
“මස්ට්” හි අතීත කාලය සඳහා, “මස්ට්” වෙනුවට "හැඩ් ටු" යොදා ගනී.

We do not say: He was late because he must call at the post-office.
He was late because he must call at the post-office කියා අපි (ඉංග්‍රීසියෙන්) කියන්නෑ.
 
සටහන: ඔහු පරක්කු වුණේ ඔහුට තැපැල් කන්තෝරුවේ/හලේ දී දුරකථන ඇමතුමක් ගත යුතු ම නිසා ය - කියා, ඉහත වාක්‍ය සිංහලට පරිවර්තනය කළ හැකි වුව ද, ඉංග්‍රීසියෙන් එසේ නොකියන බව, එනම් ඉහත ඉංග්‍රීසි වාක්‍ය එලෙසින් භාවිතා නොකරන බව පමණක් මතක තබා ගන්න. 

We say: He was late because he had to call at the post-office.
අපි කියන්නේ: ඔහු පරක්කු වුණේ ඔහුට තැපැල් කන්තෝරුවේ දී දුරකථන ඇමතුමක් ගත යුතු ම වූ නිස යි.
[මෙහිදී "හැඩ් ටූ" යෙදෙන්නේ “මස්ට්” හි අතීත කාලය සඳහා බැවින් "...  සිදු වුණ නිස යි." නොවේ.]

3. Must is also used when we wish to express certainty or that something has happened or been done.
යමක් සිදු වෙලා හෝ කෙරිලා කියා ප්‍රකාශ කිරීමට හෝ, විශ්වාසය පළ කිරීමට අපි අපේක්ෂා කරන විට ද “මස්ට්” යොදා ගනී.

This must be the right road.
මේක හරි පාර විය යුතු ම යි.

It must be half past ten now.
දැන් දහයහමාරයි වෙන්න ම ඕනේ/ඕන/ඕනෙ/ඕනි.

They must be home by now.
මේ වෙනකොට නං එයාල ගෙදර.
මේ වෙනකොට නං එයාල ගෙදර ගිහිල්ලා (කියලා විශ්වාසයි/ෂුවර්/ෆුල් සුවර්).

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll