"කැන්" සහ "කුඩ්" යන ක්‍රියා පද - 152

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

"Can" Saha "Could" Yana Kriyapada - "කැන්" සහ "කුඩ්" යන ක්‍රියාපද - The Verbs Can & Could. 

1. Can and Could express power or ability.
"කැන්" සහ "කුඩ්" බලය/ශක්තිය හෝ හැකියාව ප්‍රකාශ කරයි.

He can lift two hundred pounds.
ඔහුට රාත්තල් දෙසීයක් උස්සන්න/ඔසවන්න පුළුවන්.
ඔහුට රාත්තල් දෙසියයක් උස්සන්න බලය, ශක්තිය හෝ හැකියාව ඇත.

I can’t tell you anything about that matter.
මට ඒ ගැන නම් ඔයාට මොකුත් ම කියන්න බෑ.
මට ඒ කාරණාව ගැන ඔයාට මොනවත් (ම) කියන්න/කීමට/කිව නොහැකියි.

You could if you only would (= If you were willing).
ඔයාගේ කැමැත්ත දිගටම තිබ්බා නං, ඔයාට පුළුවන් වෙනවා.
ඔයාගේ කැමැත්ත දිගින් දිගටම තිබ්බා නං, ඔයාට පුළුවන් වෙන්න තිබ්බා.
 
2. Could is often used as a polite form.
"කුඩ්" නිතර ම පාහේ ආචාරශීලී ස්වරූපයෙන් (විධියෙන්) යොදා ගනු ලැබේ.

Could you please tell me where Prof. Nalin De Silva is living now?
මහාචාර්ය නලින් ද සිල්වා මහතා දැනට ඉන්නේ කොහෙද කියලා මට කරුණාකර ඔයාට කියන්න පුළුවන් ද?

Could - "කුඩ්".

"3. Past Tense of Can - Auxiliary Verb.
"කැන්" යන උපක්‍රියා පදයේ අතීත කාල ස්වරූපය.
 
4. Used to express possibility:
හැකියාව/හැකිබව ප්‍රකාශ කිරීමට යෙදේ.

That could never be true.
එය කිසි කලෙකවත් සත්‍ය විය නොහැක.

5. Used to express conditional possibility or ability: 
යම් (යම්) තත්ත්ව(යක්) මත සිදු විය හැකි බව හෝ හැකියාව ප්‍රකාශ කිරීමට යෙදේ.

You could do it if you tried.
ඔයා උත්සහ (ට්‍රෛ/ට්‍රයි) කරා නං, ඔයාට එක කරන්න පුළුවන් වෙන්න තිබ්බා.
 
6. Used in making polite requests: 
ආචාරශීලී ඉල්ලීම් කිරීමේ දී යෙදේ.

Could you open the door for me, please?
කරුණාකරලා, තරහ නැතුව ඔයා මට දොර පොඩ්ඩක් ඇරලා දෙනව ද? 

7. Used in asking for permission: 
අවසර පැතීමේ දී යෙදේ.

Could I borrow your pen?
මට ඔයාගේ පෑන ටිකකට ගන්න පුළුවන් ද?
මං ඔයාගෙ පෑන චුට්ටකට ගන්න ද?

8. Used in offering suggestions or advice: 
යෝජනා හෝ අවවාද කිරීමේ දී යෙදේ.

You could ask for more information.
ඔයාට තව විස්තර/තොරතුරු/වංහුං අහන්න තිබ්බෙ/තියෙන්නේ."

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll