සමාස නාමයන්ගේ බහුවචන - 19

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Samasa Namayange Bahu Wachana - සමාස නාමයන්ගේ බහුවචන - The Plurals of Compound Nouns.


සමාස = වචන දෙකක් හෝ ඊට වැඩි ගණනක් එක්කොට සදා ගන්නා (පදය).

සාමාන්‍යයෙන්, සමාසයක බහුවචනය සාදාගන්නේ, සමාසයේ ප්‍රධාන පදයට s අකුර එකතුකර ගැනීමෙනි.
{The plural of a compound noun generally formed by the addition s to the main word of the compound.}

උදාහරණ දෙස හොඳින් බලන්න.
E.g.: Dairymaids, brothers-in-law, lookers-on, knights-errant, tree-frogs, cow-boys, tom-cats, newsagents.

සමහර සමාස නාම බහුවචනයෙන් පෙනී නොසිටී.
උදාහරණ : Elbow-room, bed-time, horse-power, bird-seed ආදී ලෙසිනි.
{Some compound nouns do not take plurals as:  Elbow-room, bed-time, horse-power, bird-seed ...}

සමහර සමාසවලදී නාමපද දෙකම බහුවචනය ගනී.
උදාහරණ : men-servants, lords-justices ආදී ලෙසිනි.
{Some take the plural in both words: men-servants, lords-justices ...}

නමුත් බොහෝ ද්වීරූක්තීන් (ඉදිරියේදී පාඩමක් ඇත.) බහුවචනයෙන් පෙනී නොසිටී.
ද්වීරූක්තීන්ගෙන් Ping-Pong, hurly-burly (confusion) and riff-raff (rabble) යන වදන් ඒක වචනයෙන් පමණක් යෙදේ.
{But, many reduplicatives do not take a plural form. Ping-Pong, hurly-burly (confusion) and riff-raff (rabble) are used only in the Singular.}


ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll