ප්‍රයෝජ්‍ය ක්‍රියා විධිය - 90

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Prayojya Kriya Widhiya - ප්‍රයෝජ්‍ය ක්‍රියා (ක්‍රියා)විධිය - Causative (Causal) Mood.


ප්‍රයෝජ්‍ය ක්‍රියා විධියෙන් අඟවන්නේ, වෙනත් (කර්තෘ) කෙනක් ලවා / වෙනත් දෙයක් මඟින් හෝ ඔබ ම විසින්/ලවා (ප්‍රධාන / උක්ත) කර්තෘ යම් ක්‍රියාවක් කරවා ගන්නා හෝ (ප්‍රධාන / උක්ත) කර්තෘට යම් ක්‍රියාවක් කෙරෙන බවයි. මෙහිදී get .... done (කර්තෘ + get + කර්මය + V3 ... = අමෙරිකානු ඉංග්‍රීසි) හෝ have .... done (කර්තෘ + have + කර්මය + V3)... = ආංගලීය ඉංග්‍රීසි) යන පද යොදා ගනු ලැබේ. මෙම රටාව නිතර යොදා ගනුයේ (මුදල් ගෙවා කරවා ගන්නා) සේවා දැක්වීම සඳහා ය.

V3 = ක්‍රියාපදයක තුන්වන අවස්ථාව - 6. (අතීත කෘදන්තය).

වාක්‍ය වින්‍යාසය: කර්තෘ + get / have + කර්මය + V3 [+ by + වෙනත් (කර්තෘ) කෙනක්].

{The Causal / Causative Mood indicates that something ‘gets (something) done’ {[get (something) done] = American English} or ‘has (something) done’ {[have (something) done] = British English} by the Subject - Here, the Subject receives the action by using / having another Subject or by yourself. This Mood is often used for (paying) services. Syntax: Subject + get / have + object + V3 [+ by + another Subject].}

A few models – උදාහරණ කිහිපයක්.

I get my hair cut.
මම මගේ කොන්ඩේ කප්පවා ගන්නවා.

We have our hair cut by our uncle.
අපේ මාමා ලවා අපි අපේ කොන්ඩේ කප්පවා ගන්නවා.

She has / gets her hair cut by the barber.
බාබර් (කරණවෑමියා) ලව්වා ඇය ඇගේ කොන්ඩේ කප්පවා ගන්නවා.

... get / have + කර්මය + V3 (අතීත කෘදන්තය) = වා ගන්නවා
(කප්පවා ගන්නවා = කප්ප ගන්නවා / ... = වද්ද ගන්නවා / රිද්ද ගන්නවා ...)

☛ ඉහත (වාක්‍ය රාටාවල ම) අරුත් ගෙනදෙන, අතීත කෘදන්තයට කලින් 'කර්මය' නොමැති තවත් එක් රටාවක් "ඇමෙරිකානු ඉංග්‍රීසි" තුළ ඇති බවට සැලකිලිමත් වෙන්න.
{Note that there is a construction in American English without Object before the past participle, which gives the same meaning above.}

වාක්‍ය වින්‍යාසය: කර්තෘ + get  + V3 [+ by + වෙනත් (කර්තෘ) කෙනක් / ඌන පූරණය].
{Syntax: Subject + get + V3 [+ by + another Subject / complement].}

A few models – උදාහරණ කිහිපයක්.

He gets hit in the head. [hit - hit - hit]
ඔහු ඔළුවේ වද්දවා ගන්නවා. (ඔළුවේ ඕනෑම තැනක)

I get hit on the head.
මම හිස් මුදුනේ වද්ද ගන්නවා. (හිස් මුදුනේ)

I got hit right on the head.
මම හරියට ම ඉස් මුදුන මැද ම වද්දවා ගත්තා.

The next lesson will get typed by tomorrow.
හෙට වෙනකොට ඊගාව පාඩම යතුරු ලියවා (ටයිප් කරව) ගනීවි.

The next lesson will get typed by tomorrow by her or him.
ඇය / මෙයා / එයා ලවා (ලව්වා) හරි ඔහු ලවා (ලව්වා) හරි හෙට වෙනකොට ඊගාව පාඩම යතුරු ලියවා (ටයිප් කරව) ගනීවි.

☞ එසේම, පහත දැක්වෙන රටාව ද ප්‍රයෝජ්‍ය ක්‍රියා ක්‍රියාවිධියෙන් යොදනු ලැබේ.
{And also, the following construction is used in Causative (Causal) Mood.}

වාක්‍ය වින්‍යාසය: කර්තෘ + get  + වෙනත් (කර්තෘ) කෙනක් + භාවක්‍රියාව [+ by + ඌන පූරණය].
Syntax: Subject + get + another Subject + Infinitive [+ by + complement].

A few models – උදාහරණ කිහිපයක්.

I get my typist to type some lessons.
මම මගේ යතුරු-ලියන්නා ලවා සමහර පාඩම් ටයිප් කරවා ගන්නවා.

I got my typist to type the next lesson.
මම මගේ යතුරු-ලියන්නා ලවා ඊළඟ පාඩම යතුරු ලියවා ගත්තා.

I will get my typist to type the next lesson later in the evening.
පස්සේ, හවස්වෙලා, මං මගේ යතුරු-ලියන්නා ලවා ඊළඟ පාඩම ටයිප් කරවා ගන්නං.

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll