නාමවිශේෂණ සංසන්දනය - 34

"අධ්‍යාපනය යාවජීව මෙන් ම යාවනිබ්බාන ක්‍රියාවලියකි!"
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Namawisheshana Sansandanaya - නාමවිශේෂණ සංසන්දනය - Comparison of Adjectives. 


නාම විශේෂණ සංසංදනය කළ හැක. දේවල් දෙකක්, එකක් අනෙක හා සංසංදනය කිරීමේදී, more old, more simple, more short ... කියා කියනවා වෙනුවට, අපි කියන්නේ older, simpler, shorter ආදී ලෙසිනි.

{Adjectives can be compared. If we are comparing two things, instead of saying more old, more simple, more short, we say older, simpler, shorter.}

අපි දේවල් තුනක් හෝ ඊට වැඩි ගණනක් සංසංදනය කිරීමේදී, most old, most simple, most short, කියා කියනවා වෙනුවට, අපි කියන්නේ oldest, simplest, shortest ආදී ලෙසිනි.

{If we comparing three or more things, instead of saying most old, most simple, most short, we say oldest, simplest, and shortest.}

සංසන්දනයේ අවස්ථා තුනකි. 
නියතවාචකය*, සංසංදනාත්මකවාචකය** හා අතිශයාර්ථවාචකය*** යනුවෙනි.

{There are three degrees of comparisons. The Positive*, the Comparative**, and the Superlative***.}

නියත නාම විශේෂණ නාමයන්, සාමාන්‍ය ඌරුවැ/තත්ත්වය ගනී ( = සාමාන්‍ය ක්‍රියා විශේෂණ නාමය යි.)

උදාහරණ : Bright (දීප්තිමත්), kind (කාරුණික), sweet (මිහිරි) ආදී ලෙසිනි.
{The Positive names the simple quality, as bright, kind, sweet …}

සංසංදනාත්මක නාම විශේෂණ නාමයන්, සාමාන්‍ය ඌරුවට වඩා වැඩි අගයක් ගනී.
Brighter (වඩා දීප්තිමත්), kinder (වඩා කාරුණික), සහ sweeter (වඩා මිහිරි) ආදී ලෙසිනි.

{The Comparative names a further degree of the quality, as brighter, kinder, and sweeter …}

අතිශයාර්ථවාචක නාම විශේෂණ නාමයන්, ඉහළ මතත්ත්වය ගනී.
Brightest (දීප්තිමත්ම හෝ අතිශය දීප්තිමත්), kindest (කාරුණිකම හෝ අතිශය කාරුණික), සහ sweetest (මිහිරිම හෝ මිහිරිතම හෝ අතිශය මිහිරි) ආදී ලෙසිනි.

{The Superlative names the utmost degree of the quality, as brightest, kindest, and sweetest.}

[නාම විශේෂණයේ, සැබෑ සාමාන්‍ය අවස්ථාව*. සංසන්දනාත්මක අවස්ථාව**. උසස්ම අවස්ථාව***.]

ingreesi.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

An AnglomaniA IngreesI and *A Bona Fide CreatioN

෴ රාවණ යක්ඛ | මහා රාවණෝපහාර රාවණ පඬුර! ෴

Auto Scroll Stop Scroll